ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරන පරිදි, ගතවූ පැය 24 තුළ විවිධ තුවාල ලැබූ පුද්ගලයන් 108 දෙනෙකු රෝහල්ගත කර තිබේ. මොවුන්ගෙන් බහුතරයක් සුළු තුවාල ලැබූවන් වන අතර, දෙදෙනෙකුගේ තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක පවතින බව වාර්තා වේ. යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා පුද්ගලයන් 3,195 දෙනෙකු රෝහල් ප්‍රතිකාර ලබා ඇති අතර, අද (15) උදෑසන වන විටත් 81 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති. කෙසේ වෙතත්, ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීම විශේෂත්වයකි.
ඊයේ රාත්‍රියේ සිට ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට එල්ල කරන ලද ප්‍රබල මිසයිල ප්‍රහාර මාලාව මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) සිය මිසයිල නාශක පද්ධති ක්‍රියාත්මක කර ඇති අතර, ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ජංගම දුරකථන පණිවිඩ මගින් දැනුම් දී ඇත. ඉරානයේ ෆාර්ස් පුවත් ඒජන්සියට අනුව, එරටින් නව මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයේ උතුරු ප්‍රදේශ ඉලක්ක කර ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර දියත් කරමින් සිටී.














