ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ජාත්‍යන්තර නාවික ගමන් සඳහා විවෘතව තබා ගැනීමට සහාය වන ලෙස සිය මිත්‍ර රටවලින් ඉල්ලීමක් කර තිබේ. ඉරානය සමඟ කිසිදු එකඟතාවයකට පැමිණීමට තමා මෙතෙක් සූදානම් නැති බව පවසන ඔහු, ගෝලීය බලශක්ති සැපයුමට තීරණාත්මක වන මෙම මුහුදු මාර්ගයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව අවධාරණය කරයි. මේ අතර ඉරාන විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවමින් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ සතුරන් සඳහා පමණක් වසා දමන බවයි.
ලෙබනනය තුළ ක්‍රියාත්මක වන හෙස්බොල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 800කට අධික පිරිසක් මියගොස් ඇති අතර ලක්ෂ 8කට අධික පිරිසක් අවතැන් වී ඇති බව වාර්තා වේ. කලාපීය තත්ත්වය මෙලෙස උත්සන්න වෙද්දී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් සාර්ථකව මැඩපැවැත්වීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ. එසේම ආරක්ෂක විධිවිධාන දුර්වල වන අයුරින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයන් කිහිපදෙනෙකු ද එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.














