ඕස්ට්‍රේලියාවේ රැකවරණය ලබාගැනීම සඳහා මානුෂීය වීසා බලපත්‍ර ලබාගෙන සිටි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු සිය තීරණය වෙනස් කරමින් නැවත ඉරානය බලා යාමට තීරණය කර තිබේ. මොනා හමූඩි (Mona Hamoudi), සාරා සර්බාලි (Zahra Sarbali) සහ සාරා සොල්ටන් මෙෂ්කේකාර් (Zahra Soltan Meshkehkar) යන ක්‍රීඩිකාවන් මෙලෙස නැවත මෙරටට පැමිණෙන බව මානව හිමිකම් ක්‍රියාකාරීහු තහවුරු කරති.
පසුගිය මාර්තු 2 වනදා දකුණු කොරියාව සමඟ පැවති ආසියානු කුසලාන තරගයේදී ඉරාන ජාතික ගීය ගායනා කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් මෙම ක්‍රීඩිකාවන්ට ඉරානය තුළ දැඩි විරෝධයක් එල්ල වූ අතර, ඔවුන් “දේශද්‍රෝහීන්” ලෙස ද නම් කර තිබුණි. මෙම තත්ත්වය මත ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ සුරක්ෂිත අනාගතයක් ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබූ බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසා සිටියි. කෙසේ වෙතත්, ක්‍රීඩිකාවන්ගේ මෙම හදිසි තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














