ඇමරිකා-ඊශ්‍රායල සහ ඉරාන හමුදා අතර දරුණු ගැටුම් පවතින පසුබිමක, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඝාතනය කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විවෘතව තර්ජනය කර තිබේ. ඉරානය විසින් නෙතන්යාහු “යුද අපරාධකරුවෙකු සහ ළමා ඝාතකයෙකු” ලෙස හඳුන්වමින්, ඔහුව ලුහුබැඳ ගොස් ඝාතනය කරන බවට අනතුරු අඟවා ඇත.
අද (මාර්තු 15) උදෑසන කාලයේදී බෙන්ජමින් නෙතන්යාහු ඝාතනය වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය කටකතා හේතුවෙන් ලොව පුරා දැඩි නොසන්සුන්තාවක් ඇති විය. කෙසේ වෙතත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය වහාම නිවේදනයක් නිකුත් කරමින් එම පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් (“Fake News”), අග්‍රාමාත්‍යවරයා ජීවතුන් අතර සිටින බවත් තහවුරු කළේය.
මෙම තත්ත්වය හමුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ලොව පුරා ප්‍රදේශ රැසක ඉරාන හිතවාදී පාර්ශවයන් විසින් නෙතන්යාහු සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූප සහිත පෝස්ටර් පුලුස්සා දමමින් විරෝධතාවල නිරත වන අයුරු දක්නට ලැබුණි. දෙපාර්ශවය අතර පවතින වෛරී ප්‍රකාශ සහ සෘජු තර්ජන හේතුවෙන් කලාපීය යුද්ධය තවදුරටත් දරුණු අතට හැරෙමින් පවතී.














