ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා මියගිය බවට ඉරානය විසින් පතුරුවා හරින ලද කටකතාවලට පිළිතුරු වශයෙන් ඔහු සිය නිල ‘X’ ගිණුමේ විශේෂ වීඩියෝවක් පළ කර තිබේ. ඉරිදා සවස් කාලයේ පළ කරන ලද මෙම වීඩියෝවේ නෙතන්යාහු මහතා සාමාන්‍ය පරිදි කෝපි පානය කරමින් සිටින අතර, එහිදී ඔහු තමන් මියගිය බවට පැතිරෙන ප්‍රචාරයන් පිළිබඳව උපහාසාත්මකව ප්‍රශ්න කරන අයුරු දැකගත හැකිය.
ජෙරුසලම් පෝස්ට් (Jerusalem Post) පුවත් සේවයට අනුව, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම කටකතා මීට පෙරද ප්‍රතික්ෂේප කර තිබූ අතර, මෙම වීඩියෝව පළ කරමින් ඔහු “ඔවුන් පවසන්නේ මා කුමක් කියාද?” (They say I am what?) යනුවෙන් සටහනක් ද තබා ඇත. මැදපෙරදිග යුද වාතාවරණය උත්සන්න වී ඇති මොහොතක මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක් ලෙස මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ක්‍රියාත්මක වන බව විචාරකයෝ පෙන්වා දෙති.














