ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ (DXB) අසල පිහිටි ඉන්ධන ටැංකියක ඩ්‍රෝන යානයක් ආශ්‍රිතව ඇති වූ අනතුරක් හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබූ ගුවන් ගමන් මෙහෙයුම් මේ වන විට “ක්‍රමයෙන්” යළි ආරම්භ කර තිබේ. ආරක්ෂිත පියවරක් ලෙස මෙහෙයුම් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කළ අතර, ඉන්ධන ටැංකියේ ඇති වූ ගින්න හේතුවෙන් ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් දුමාරයක් නැඟෙන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ජාත්‍යන්තර ගුවන් ගමන් සම්බන්ධයෙන් ලොව කාර්යබහුලම ගුවන් තොටුපළක් වන ඩුබායි ගුවන් තොටුපළ, අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද්ධය ආරම්භ වූ දින සිට දැඩි බාධාවලට මුහුණ දී සිටී. ගුවන් තොටුපළ බලධාරීන් X (පෙර Twitter) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ තෝරාගත් ගමනාන්ත කිහිපයක් සඳහා මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති බවත්, මගීන් සිය ගුවන් ගමන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු අදාළ ගුවන් සමාගම් හරහා පරීක්ෂා කරගත යුතු බවත්ය.
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ගුවන් ගමන් මාර්ග වෙනස් වීම සහ ප්‍රමාද වීම් හේතුවෙන් ගෝලීය සංචාරක ක්ෂේත්‍රයට ද බලපෑම් එල්ල වී ඇත. ඉන්ධන ටැංකියට එල්ල වූ මෙම ඩ්‍රෝන බලපෑම කුමන පාර්ශවයක් විසින් සිදු කළේ ද යන්න පිළිබඳව ඩුබායි බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.














