බේරුවල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අද (16) නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 250කට අධික ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම යාත්‍රාව මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් ඇත.
අත්අඩංගුවට ගත් යාත්‍රාව පරීක්ෂා කිරීමේදී එහි තිබී කිලෝග්‍රෑම් 250කට ආසන්න කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ බව නාවික හමුදාව තහවුරු කරයි. මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන් ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දියත් කර ඇති ‘සැමට එකමුතු දැයක්’ (A Nation United) ජාතික වැඩසටහනට සමගාමීව මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් මෙම වැටලීම සිදු කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන ගණනක් වන බව සැක කෙරෙන අතර මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නාවික හමුදාව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














