පොළොන්නරුව මීගස්වැව, විජයපුර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී අයුරින් පෙට්‍රල් ලීටර් 604ක් ළඟ තබාගෙන සිටි සිල්ලර වෙළඳසැල් හිමියෙකු මීගස්වැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ජයරත්න මහතා සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මෙම ඉන්ධන තොගය සඟවා තබාගෙන ඇති බවට සැක කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට මීගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















