අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන අප්‍රේල් මස 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය. 2013 වසරේදී ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබුණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම රිමාන්ඩ් නියෝගය නිකුත් කර ඇත.














