ඊයේ (18) දිනය පුරා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයන් 27,712 දෙනෙකු පරීක්ෂාවට ලක් කර සැකකරුවන් 578 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම පිරිස අතර අපරාධවලට සෘජුව සම්බන්ධ සැකකරුවන් 19ක්, වරෙන්තුකරුවන් 233ක් සහ විවෘත වරෙන්තුකරුවන් 137ක් සිටින බව වාර්තා වේ. මීට අමතරව මාර්ග විනය පවත්වා ගැනීම සඳහා කළ මෙහෙයුම්වලදී බීමත් රියදුරන් 164ක් සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ 54ක් ද අත්අඩංගුවට ගෙන ඇත. වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 4,054 දෙනෙකුට එරෙහිව පියවර ගෙන ඇති අතර, අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා වන මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














