පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා චීනය, රුසියාව සහ ඉන්දියාව සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ වුවද, මෙම මිත්‍ර රටවල් ශ්‍රී ලංකාවට සහය වීමට සුබවාදීව මැදිහත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, පවතින තත්ත්වය හමුවේ පිලිපීනයෙන් ඩොලර් ලක්ෂයක ආධාරයක් ලබාදීමට එකඟ වී ඇති බවත්, ගුවන්තොටුපළ අර්බුදය නිසා පීඩාවට පත්ව සිටින අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයින්ට අවශ්‍ය සහන සැලසීමට රජය කැපවී සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














