පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් හදිසි බිඳවැටීමක් (System Failure) හේතුවෙන්, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය කාර්යාලවල මහජන සේවාවන් හෙට (24) දින තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. මේ අනුව හෙට දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම පොදු සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පද්ධතියේ පවතින දෝෂය නිරාකරණය කරන තෙක් මෙම තීරණය ගෙන ඇති අතර සේවාවන් යළි ආරම්භ කරන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. හෙට දින සඳහා වේලාවන් වෙන්කරවා ගෙන සිටි පුද්ගලයින් හට පද්ධතිය යථා තත්ත්වයට පත් වූ පසු ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බවද වාර්තා වේ.














