8 September 2024
#දේශීය #පුවත්

බල්බ් වැල් හදන එප්පාවල 17 හැවිරිදි සිසුවා

වෙසක් කාළයට ආනයනික වෙසක් සැරසිලි වෙළඳපලේ බොහෝ ලෙස දැකගත හැකියි.ඒ අතර විදෙස් රට වලින් ආනයනය කරන ලද බල්බ් වැල් සුලභවම දැක ගත හැකියි.

ඒ හරහා විදෙස් රට වලට අපේ රටින් ඇඳි යන ඩොලර් කන්දරාවට විසදුමක් හොයන්නට කවුරුත් සිතන්නේ නැත.

වෙසක් සැරසිලි අලෙවිකරන වෙළඳසැලකට ගියහොත් ඒවායේ ඇති සව්කොළය, බල්බය, බල්බ් වැල්, කුඩා තොරන් ඇතුළු සියලු දේ විදේශීය රට වල නිෂ්පාදනයන් වේ.ඇතැම් ඒවා දින කීපයක් පමණක් පාවිච්චි කළ පසු විනාශ වන බැවින් ඒවායේ ගුණාත්මක බව පිළිබඳවද ඇත්තේ විශාල ගැටලුවකි.

සිය රට දේ සිරි සැප දේ කියූවද අපේ රටේ නිෂ්පාදන යන්ට තැනක් ඇත්දැයි යන්නපිළිබඳව දෙවරක් සිතිය යුතු කාළයක. විදේශ රටට ඇදී යන ඩොලර් කීපයක් හෝ ඉතිරි කර ගැනීමේ අරමුණින් එප්පාවල පදිංචි වයස අවුරුදු 17 ක සිසුවකු බල්බ් වැල් නිෂ්පාදනය කර අලෙවි කිරීමේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

ඔහු නමින් පවන් නිම්සර දිසානායක වයස අවුරුදු 17 ක සිසුවකි.ඔහු LED බල්බ යොදා ගෙන ඉතා ගුණාත්මක බවින් යුතු වර්ෂා ජලයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කර ඇත, වසර කීපයක්ම භාවිත කළ හැකි පරිදී උසස් ප්‍රමිතියෙන් යුතු වර්ගයේ වයර් යොදා ගෙන මෙම නිර්මාණයන් ඔහු විසින්ම සිදු කරනු ලබයි.ඉතා කෙටි කාළයක් තුළ ඔහු විදුලි බල්බ වැලක් නිර්මාණය කිරීමද සිදු කරනු ලබයි.

මේ කටයුත්ත පිළිබඳව පවන් නිම්සර අදහස් දක්වමින් කියා සිටියේ,“ මගේ තාත්තා විදුලි කාර්මික ශිල්පියෙක්, සාමාන්‍යයෙන් වෙසක් කාළයට ගොඩක් අය කරන්නේ විදේශ රට වලින් ආනයනය කරන ලද විදුලි බල්බ් වැල් වලින් නිවෙස් සරසන එක, නමුත් ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්නත් බෑ, වැස්ස වගේ අවස්ථාවක ඒවා දාන්නත් බෑ, එවාට විසදුමක් විදිහට අපි බඩු ගෙනත්, වැස්සට ඔරොත්තු දෙන විදිහට, හොඳ කල්පැවැත්මක් තියෙන විදුලි බල්බ වැල් නිෂ්පාදනය කරන්න අපිපටන් ගත්තා, අවශ්‍ය්‍ය කෙනෙකුට අවශ්‍යය විදුලි බල්බ ප්‍රමාණය අනුව, අවශ්‍යය දිගට, අවශ්‍යය වර්ණ වලින් විදුලි බල්බ වැල් මට නිෂ්පාදනය කරලා දෙන්න පුලුවන්, මගේ බලාපොරොත්තුව තියෙන්නේ මේක ලොකු ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරගන්න එක යනුවෙනි.

ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ විදුලි බුබුලු වැල් වෙසක් උත්සවය වෙනුවෙන් නිවසේ අලෙවිකිරීමේ කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර, ඒ සඳහා පවුලේ ඥාතීන්, හිතවතුන් හා ප්‍රදේශවාසීන්ද පැමිණ සුභ පැතුම් එක් කරමින් ඔහුගෙන් විදුලි බල්බ වැල් මිලදී ගැනීම සිදු කළහ.

ඔබටත් බල්බ් වැලක් මිලදී ගැනීමට අවශ්‍යය නම් 071-7904370 හෝ 0718493866 ඔස්සේ පවන් නිම්සර සම්බන්ධ කර ගෙන අවශ්‍යය ආකාරයෙන් බල්බ් වැල් සාදවා ගත හැකියි.

තිසර ‍සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *