• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවර්ධනයට හා ආර්ථික ඉලක්කය ජය ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් – රාජ්‍ය අමාත්‍ය ලාන්සා

14 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික හා ජාත්‍යන්තර අභියෝග රැසක් මධ්‍යයේ රටේ ඉදිරි සංවර්ධනය හා ආර්ථික ඉලක්ක ජය ගැනීමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙවර අයවැයෙන් ඉදිරිපත් කළ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ 76 වෙනි අයවැය පිළිබඳව සිය අදහස් පළ කරමිනි.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, “විශේෂයෙන් කොවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා සියලු රටවල්වල පැන නැගුණු ආර්ථික, සමාජීය, දේශපාලනික අභියෝගතා රැසක් මධ්‍යයේ මෙවර අයවැය ඉදිරිපත් කළා. “සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් කිරීමේ අරමුණ පෙරදැරිව හා නව්‍ය ප්‍රතිපත්ති රාශීයක් ක්‍රියාත්මක කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා. රටේ ආර්ථික සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබා ගැනීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගසිටුවීම වෙනුවෙන් මෙවර අයවැයෙන් වැඩි ඉඩක් වෙන් කර තිබෙනවා. වැවිලි කර්මාන්තය, පාරම්පරික කර්මාන්තය, පේෂ කර්මාන්තය, රට පුරා කුඩා ආයෝජන කලාප පිහිටුවීම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් දිරි ගැන්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම යොදා තිබෙනවා. රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර ලබාදීම වෙනුවෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබාදීමේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත් අයුරින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. කෘෂි කර්මාන්තය නගසිටුවීම වෙනුවෙන් නව තාක්ෂණයට යොමු වීමට මෙවර අයවැයෙන් අවධානය යොම කර ඇති අතර එමගින් ඉහළ නිෂ්පාදනයක්, ආහාර සුරක්ෂිතතාවය ඇති කරලීමට හැකිවනු ඇතැයි විශ්වාස කරනවා. රටේ මාර්ග පද්ධතිය ශක්තිමත් කරලීම තුළින් මෙරට නිෂ්පාදන ආර්ථිකය, රටේ ඉදිරි සංවර්ධනය හා අයෝජකයින් දිරි ගැන්වීම සඳහා හොඳ යටිතල පහසුකම් පද්ධතියක් නිර්මාණය කිරීමට හැකිවනු ඇත. විශේෂයෙන් ග්‍රාමීය මාර්ග පද්ධතිය විධිමත් අයුරින් සංවර්ධනය කොට ප්‍රධාන මාර්ග ජාලය හා සම්බන්ධ කිරීම සෑම කේෂ්ත්‍රයකම දියුණුවට මහගු පිටුවහලක් වනු ඇත. සෞභාග්‍යයේ දැක්මෙන් කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙල කොවිඩ් අභියෝගය හමුවේ වුවත් ක්‍රියාත්මක කරමින් මෙම වසරේ කිලෝ මීටර් 18,000 ක් සංවර්ධනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම ලබන වසර තුළ තවත් කිලෝ මීටර් 25,000 ක් සංවර්ධනයට අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ තවත් විශේෂ අවශ්‍යතාවයක්වූ ග්‍රාමීය පාලම් දසදහසක් ඉදිකිරීමේ වැඩපිළිවෙල ශක්තිමත්ව තවත් ඉදිරියට ගමන් කරනු ඇත. අධිවේගී මාර්ග ජාලය ගත් විට කොළඹ වරාය පිවිසුම් මාර්ගය, කොළඹ අතුරුගිරිය අධිවේගී මාර්ගය, රුවන්පුර අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය, කොළඹ මොරටුව වෙරලබඩ මාර්ගය ඇතුළු කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමට ගුවන් පාලම් පද්ධතියක් 2024 අවසානය වන විට ජනතා අයිතියට පත් කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 280,000 ක් වෙන් කර තිබෙනවා. ගමට කාන්තා ව්‍යවසායකියින් බිහි කොට ගමේ ආර්ථිකය ශකත්මත් කිරීමේ “හෝම් ෂොප්” වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 15,000 ක් වෙන් කර තිබෙනවා. මේ හරහා ග්‍රාමීය සුපිරි වෙළදසැල් ජාලයක් බිහිවනු ඇත. මේ හරහා ග්‍රාමීය ආර්ථිකය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනයද සිදු වනු ඇත. රටේ අපේක්ෂිත ආර්ථිකමය හා සංවර්ධන ඉලක්ක ජය ගැනීමට මෙවර අයවැයෙන් හැකිවනු ඇතැයි” රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

 

Post Views: 3
Previous Post

රටේ අර්බුද විසඳීමට අප වටා එක්වන්නැයි කුමාර් ගුණරත්නම් කියයි

Next Post

මාතලේ පොලිස් ඉඩම ගැටළුවට ආණ්ඩුකාරවරයා මැදිහත් වෙයි

editor

editor

Next Post

මාතලේ පොලිස් ඉඩම ගැටළුවට ආණ්ඩුකාරවරයා මැදිහත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025

Recent News

72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

දවස් 4 කින් මුහුදු මට්ටමේ සිට Everest කඳු මුදුනට! නව ලෝක වාර්තාවක්! මේකා මනුස්සයෙක් වෙන්න බෑ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved