• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් – සුනිල් හඳුන්නෙත්ති

18 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් බදුබර අහසට! අයවැය කාටද? සම්මන්ත්‍රණය ඊයේ (17)ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ අදහස් පල කලේය ” අපේ මාතෘකාව බදුබර අහසට අයවැය කාටද? කියලා තිබුණට අයවැය අහසට බදුබර කාටද? කිව්වත් ලොකු වෙනසක් නැහැ කියලා මට හිතෙනවා. මේ මහපොළවේ අයවැයක් නෙවෙයි. නමුත් මහපොළවේ ඉන්න ජනතාවට ලැබුණේ බදුබරක්. රනිල්ගේ කතාව සම්පූර්ණයෙන් තියෙන්නේ අහසේ. මහපොළවේ තිබෙන යථාර්තය, ප්‍රශ්නය අතගාලාවත් නැති අයවැයක් මේක. 74ක සාපය පාපෝච්චාරණයක් වෙච්ච අයවැයක් තමයි 77වැනි අයවැය. එක්තරා දේශපාලන සරදමක් තිබෙනවා. මොකද 74 වසරක සාපයට වගකිය යුත්තෙක් වන රනිල් වික්‍රමසිංහ විසින්ම මේ අයවැය ඉදිරිපත් කිරීම එක්තරා ආකාරයක සරදමක්. රනිල් අයවැය කතාවේ මුල් පිටුවේ කියනවා නිදහසින් පසු 75වැනි වසර ගෙවන අපේ රට පත්ව ඇති තත්වය ගැන අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? අපට වැරදුනේ කොතනද අප වරද්දාගත්තේ කොතනද? මේ කියන්නේ කවුද? මුලින්ම යෞවන කටයුතු ඇමති, තරුණ ඇමති, කර්මාන්ත ඇමති, හයපාරක් අගමැති, දැන් පිනට ජනාධිපති. රනිල් ජනතාවගෙන් අහනවා මොකද වුනේ කියලා. රනිල් ජීවිත කාලයේ වැඩිපුරම කාලා ඇත්තේ පාර්ලිමේන්තුවෙන්. ජීවත් වෙලා තියෙන්නේ ජනතා මුදල්වලින්. ඒ තරම් පාර්ලිමේන්තුවේ හිටියා. ඔය පාර්ලිමේන්තුවේ බහුතරයක් එහෙමයි. උන් අපෙන් අහනවා කාටද වැරදුනේ කියලා.

ඊට පස්සේ කියනවා ජනප්‍රිය තීරණ නෙවෙයි හරි තීරණ ගන්න ඕනලු. කවුද එපා කිව්වේ. ජනප්‍රිය තීරණ නෙවෙයි නිවැරදි තීරණ ගන්න කියන රනිල් නෙවෙයිද බ්‍රේස්ලට් දෙන්න කතා කළේ. අගමැති විදියට වොක්ෂ්වැගන් කර්මාන්ත ශාලාවක් ගේනවා කියලා පොල් ගස් කපලා දැම්මා. වොක්ෂ්වැගනුත් නෑ පොල් ගසුත් නෑ. කුඬේ යටින් යන අයට වාහනයක් දෙනවා කිව්වා. එහෙම කරපු අය දැන් කියනවා නිවැරදි තීරණ ගන්න ඕනෑලු. අනුන්ට ණය වෙමින් ගිහින් වැඩක් නෑලු. මෙහෙම කියන්නේ රට ප්‍රපාතයකට ඇදල දාලා. පළිඟු මැණිකේ සූරසේන ගෙනාපු ආර්ථිකය තමයි මේ තියෙන්නේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට තමන්ට අනිත් එකාට වැඩියෙන් ණය ලැබෙනවා කියලා පාරම්බෑවේ නැද්ද? ණය ගැනීම අභිමානයක් විදියට හිතපු අය අද තමයි මේ කතාව කියන්නේ. රනිල් ඕවා කිව්වට වැඩක් නෑ මොකද රනිල්වයි රනිල්ගේ ප්‍රතිපත්තියි එලවලා දාන්න ජනතාව තීරණය කරලා ඉවරයි. රනිල් ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් නෑ. ජනතාව තීරණය අරන් ඉවරයි අවස්ථාවක් එනකල් ඉන්නේ.

අයවැය කතාව මුල ඉඳල අගට කියවල බලන්න ජනප්‍රිය තීරණ නැතුව නිවැරදි තීරණ තියෙන්නේ මොනවද කියලා. මේ අයවැය පුරාවට තියෙනවද මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් තියෙන නිවැරදී තීරණයක්. මේකේ තියෙන්නෙත් පරණ වට්ටෝරුවම තමයි. මේ අයවැයෙන් කියනන් පුළුවන් එක දෙයක් තියෙනවා. ඉදිරි මාස 04ක් ඇතුළත ඡන්දයක් එයි කියලා. මොකද සමෘද්ධි දීමනාව, වැඩි හිටි දීමනාව වෙනුවෙන් බිලියන 20ක් වෙන් කරලා තියෙනවා. ඒවා ආපහු අය කරගන්නේ ජනතාවගෙන්ම තමයි. මේ ඊයේ පෙරේදා නැවත රුපියල් බිලියන 130ක් මුදල් අච්චු ගහලා තියෙනවා. බදු ගැහුව්වා. යම් වැටුපක් ලබන සියලු දෙනාට මේ බදුබර දරාගන්න බැහැ. දැන් යම් ඉහළ රැකියාවක් කරපු අය රට දාලා යන්න පටන් අරන්. රටේ ඉන්න උගත්තු පලවා හරින ආර්ථිකයක් මේක.

මේ අයවැය තමයි මේ තරම් ආදායම් වියදම් ප්‍රසාරණය කරපු අයවැයක් බවට පත්වෙලා තිබෙන්නේ. ටි්‍රලියන 7.5ක් දක්වා වියදම් ප්‍රසාරණය කරලා. ඒ ණය ගන්න උවමනාව නිසා. ණය සීමාව වැඩිකරන්න කරපු වැඩක්. නමුත් අයවැය හිගය පියවන්න ණය ගන්නේ කොහොමද ආණ්ඩුව. මොකද දැන් ණය ගෙවන්නේ නැහැ. නමුත් ඩොලර් බිලියන 2.3ක් විදේශ ණය ගන්න බලාපොරොත්තු වෙනවා. රනිල් අයවැය ඉවර වෙන්න කලින් කියන්න ඕනෑ මොන රටවල්වලින්ද ණය ගන්නේ කියලා. අයවැය කියන්නේ උපකල්පනයක්. ඒක යථාර්තවාදී වෙන්න ඕනෑ. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් වෙන්න ඕනෑ. දැන් මේ අයවැය හිගය පියවන්න බැරි වුනොත් මොකද වෙන්නේ. ණය ගන්න බැරි වුනොත් ජනතාවගෙන් අය කර ගන්න වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය බැංකු පද්ධතියෙන්. මීට කලිනුත් දේශපාලන තීරණ වෙනුවෙන් දේශීය බැංකු පද්ධතියෙන් ණය අරන් බැංකු පද්ධතිය විනාශ කළා. දැනුත් කරන්න යන්නේ ඒක. මේ විදියට ගියොත් 2008 ඇමරිකාවට වෙච්ච දේත් ග්‍රීසියට වෙච්ච දේත් ලංකාවට සිදුවෙන එක වළක්වාගන්න බැරිවෙන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කියල තියන්න ඕනෑ. ඒ නිසා අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගන්න ඕනෑ. මොකද ආර්ථිකයේ කොඳු නාරටිය කියන්නේ බැංකු පද්ධතිය. ඒ නිසා අපේ මහාචාර්ය තුමා කිව්වා අයවැයෙන් මැච් එක ගහන්න පුළුවන් විදියට පිටිය හදාගන්න ඕනෑ කියලා. නමුත් පිටිය හදාගත්තත් මැච් එක ගහන්න කට්ටිය ඉන්නවද? රනිල් එක්ක, මහින්ද එක්ක, සජිත් එක්ක මේ මැච්එක ගහන්න බෑ. ඒ නිසා අපේ රටේ ජනතාවට කියනවා මැච් එක ගහන්න පුළුවන් හොඳම කණ්ඩායම තෝරගන්න කියලා.

අපි ආවාම අපිට කරන්න පුළුවන් දේ මාස 06න් කරලා පෙන්වනවා. නමුත් අවුරුදු 74ක් කාලා විනාශ කරපු රට මාස 06න් හදන්න පුළුවන්ද කියලා අපෙන් අහන්න එපා. නමුත් ඒ මාස 06 ඇතුළේ වංචාව දූෂණය නාස්තිය නතර කරලා පෙන්වනවා. නිවැරදි තීරණ ගන්න කියන රනිල් ජනාධිපති වැය ශීර්ෂය අඩු කළාද? එහෙම කළේ නැහැ. ජනාධිපති වැය ශීර්ණය 50%කින් අඩු කරලා පෙන්නුවා නම් ඔන්න ඒක නිවැරදි තීරණයක්. ඇමති මණ්ඩලේ වියදම් අඩු කරලා පෙන්නවා. නිල නිවාස වියදම් අඩු කරනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා. එහෙම කිව්ව නම් අහසට ගිය අයවැය පොඞ්ඩක් පොළවට බර වෙන්න තිබුණා. ආරක්ෂක වියදම් වැඩි කරගෙන තියෙනවා. නමුත් වියදම් කරන්න සල්ලි තියෙනවද දන්නේ නැහැ.

ඊට පස්සේ රනිල් කියනවා දූෂිතයින් හිරේ දානවා කියන එක ප්‍රවාදයක්ලු. රනිල් එහෙම කියන්නේ නැතුව ඒක යථාර්ථයක් කියන්නද? මහ බැංකුව කඩල විනාශ කරපු කෙනා වෙන මොනවා කියන්නද? දූෂිතයෙක් තවත් දූෂිතයෙක්ට දඩුවම් දෙන්නේ නැහැ කියලා අනුර සහෝදරයා නිතර කියනවා. ඒක දැන් රනිල් කියනවා දූෂිතයෝ ගැන මාත් එක්ක කතා කරන්න එපා කියලා. අපි රනිල්ගෙන් හොරුන්ට දඩුවම් දීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ආර්ථික ක්‍රමය වෙනසක් ගැන සමාජ වෙළඳපොළ ආර්ථිකයක් නැත්නම් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් හදනවලු. මොනවද මේ කියන්නේ. මඤ්ඤං වෙලා ඉන්නේ. වැරදුනා කියලා තේරුම් ගනිල්ලා. ඒක පිළිගන්නේ නැතුව බයිලා කියනවා. මේ රටේ ජනතාව රවට්ටන්න බෑ තවදුරටත්. පරාජය බාරගනිල්ලා. මේ ආර්ථිකය යටතේ කාටද ආරක්ෂාව සැලසුනේ. තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න අම්මලා තාත්තලා ඉස්කෝල ළඟ. කුඩුවලින් අයිස්වලින් තමන්ගේ දරුවන් බේරගන්න බෑ. දැන් ත්‍රෛයිලෝක විජය පත්‍ර ගැන කතා කරනවා. ඕක ආවොත් දේශපාලකයෝ බිස්නස් එක පටන් ගන්නවා. හොඳම උදාහරණය මේ රටේ වැඩිම බාර් පර්මිට් තියෙන්නේ දේශපාලකයින්ට.
තව පැත්තකින් විකුණන්න කතා කරනවා. එක වෙලාවක කිව්වා පාඩු ලබන ආයතන විකුණලා ලාබ ලබන්න පුළුවන් කියලා. දැන් කියනවා ලාබ ලබන ඒවා විකුණන්න ඕනලු සංචිතය වැඩි කර ගන්න. ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් කියනවා හෘදසාක්ෂිට අනුව එකඟ නෑලු නමුත් අයවැයට ඡන්දේ දෙන්න වෙනවලු. උන්ගේ අයවැය වැඩ කරන්නේ හරහට වෙන්න ඇති. මේ වගේ උන් තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. රනිල් ලබන අවුරුද්දට ඉදිරිපත් කරන අයවැයෙන් කියන්නේ 2048 කියන දේවල්. ලබන අවුරුද්දේ කරන දේවල් ගැන මොකුත් කතාවක් නැහැ. කරන්න තියෙන්නේ ණය ගන්නවා. නැත්තන් සල්ලි අච්චු ගහනවා. ඒත් නැත්නම් දේශීය බැංකුවල සල්ලි ටික ගන්නවා. ලෙඩා මලත් බඩ සුද්දයි කියලා ඉන්නවා.

ඒ නිසා මේක වෙනස් කරන්න ඕනෑ. මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විදියට අපි කතා කරන්නේ මේ අයවැය ගැන විතරක් නෙවෙයි. ජනතාව සමඟ මේ ආර්ථික කතා බහ අපි පටන් ගන්නවා. ජනතාව සමඟ මේ ගමන වෙනස් කරන ජවයට අපි එකතු වෙනවා. යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත්ගේ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත කෙරේ

Next Post

බැංකු පොලී ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහන සලසවන්න – මහබැංකු අධිපති

editor

editor

Next Post

බැංකු පොලී ඉහළ දැමීම නිසා පීඩාවට පත්වූවන්ට සහන සලසවන්න - මහබැංකු අධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved