• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

7 April 2024
in දේශීය, පුවත්
උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකුද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩ රට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවූ අවස්ථාවේදීය.

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට මෙහිදී උපදෙස් දුන්නේය.

උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බවද පැවසීය.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටළු කිහිපයක් පිළිබඳව මෙහිදී මහනුවර සාම්ප්‍රදායීක නර්තන ශිල්පීන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර එම ගැටළු පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම සබරගමුව නැටුම් කලාව වැනි මෙරට සම්ප්‍රදායික කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය නගා සිටුවමින් සියලු ජනතාවට යහපත් රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට මෙහිදී මහනුවර සම්ප්‍රදායික නර්තන ශිල්පීන් සිය ප්‍රශංසාව පළ කළහ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 4,542
Previous Post

වරදාන වරප්‍රසාදවලින් තොරව රට වෙනුවෙන් ගමනකට අපි එක් වෙමු – විපක්ෂ නායක සජිත්

Next Post

රණවිරුවන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

editor ttvnews

editor ttvnews

Next Post
රණවිරුවන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් – ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

රණවිරුවන්ගේ සුභසාධනය සදහා ප්‍රමුඛ වැඩපිළිවෙළක් - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
හැරී කුමරුට එරෙහිව  ඔහු විසින්ම ආරම්භ කළ  සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන්  නඩු පවරයි

හැරී කුමරුට එරෙහිව ඔහු විසින්ම ආරම්භ කළ සෙන්ටෙබේල් පුණ්‍යායතනයෙන් නඩු පවරයි

11 April 2026
කැනරි දූපත්හි  සිදුවූ බස් රථ අනතුරකින්  77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු  මියයයි

කැනරි දූපත්හි සිදුවූ බස් රථ අනතුරකින් 77 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මියයයි

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ  කළ සිව්දෙනෙකුගේ මරණය  සම්බන්ධයෙන්  සැකකරුවෙකු අත්අඩංගුවට

ඉංග්‍රීසි ඕඩය හරහා යාමට උත්සාහ කළ සිව්දෙනෙකුගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට

11 April 2026
හමුදා සෙබළෙකු අතුරුදහන් වීම  වාර්තා කිරීමේ ප්‍රමදය  ගැන දෙමාපියන්ගෙන්  දැඩි විරෝධයක්

හමුදා සෙබළෙකු අතුරුදහන් වීම වාර්තා කිරීමේ ප්‍රමදය ගැන දෙමාපියන්ගෙන් දැඩි විරෝධයක්

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved