• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික සමගිය ඇති රටක් හදන්න පුළුවන් මාලිමාවේ ආණ්ඩුවකට විතරයි – අනුර දිසානායක

18 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික සමගිය ඇති රටක් හදන්න පුළුවන් මාලිමාවේ ආණ්ඩුවකට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය 16 වනදා ජාතික ජන බලවේගයේ මුතූර් ආසන සමුළුව කින්නියා නගරයේදී පැවැති අවස්ථාවේදිය.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය ” ජාතික ජන බලවේගයේ විශාල කාර්යභාරයකට මැදිහත් වුණු තරුණ පරම්පරාවක් මුතූර්හි ඉන්නවා. අරුන්, රාෆි, වසීර් මෞලි, සප්‍රාන්, ඉම්රාන්, රිසාද් ඇතුළු සහෝදරවරු ශක්තිමත් තරුණ පිරිසක් විශාල වැඩකොටසකට දායක වෙමින් ඉන්නවා. කඳුකර සහෝදරත්වය නියෝජනය කරමින් කාලිදාස, නජා මොහොමඞ් වැනි සහෝදරවරු දායකත්වය දෙමින් ඉන්නවා. අපි ලංකාවේ දකුණට, කොළඹට, රත්නපුරයට ගියත් ජනතාව අහනවා මේ පළාත් එන්.පි.පී. එක ජයග්‍රහණය කරවීමට සූදානම්, නැගෙනහිර කොහොම වේවිද කියලා. මේ කින්නියා ආසන සමුළුවට රැසවී සිටින දහස් සංඛ්‍යාත ජනතාවගෙන් පෙන්නුම් කරන්නේ නැගෙනහිරත් එන්.පී.පී. එක ජයග්‍රහණය කරවීමට සූදානම් බවයි. ඇයි මේ ආණ්ඩු වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ? මහජනතාවගේ දේපළ සොරකම් කළ හොරු පන්නන්න ඕනෑ. අපේ රට ලෝකෙන් ණය අරගෙන හිඟන රටක් බවට පත් කළා. ණය ගෙවාගන්න බැරි තැනට පත් කළා. සෞඛ්‍ය පද්ධතිය බිඳ වැට්ටුවා, අධ්‍යාපනය කඩා වැට්ටුවා, කර්මාන්ත ශාලා වැහුවා. ඉගෙන ගන්න විදිහක් නැහැ, දරුවන්ට රස්සාවක් නැහැ. ගොවිතැනට පහසුකම් නැති කළා. අස්වැන්නට මිලක් නැහැ. රට දාලා යන්න සිදුවෙලා. බඩු මිල ඉහළ ගිහිල්ලා. බිස්නස් කඩා වැටිලා. කම්කරුවන්ට රැකියා නැහැ. වෑන් එකට, ත්‍රී විලර් එකට හයර් නැහැ. ජනතාව හාමතේ. මේ ප්‍රශ්න අද පමණක් නොවෙයි තිබුණේ. එදත් තිබුණා. දකුණේ අයට කිව්වා, ප්‍රශ්න ඕවා නොවෙයි. ජාතිය බේරා ගන්න ඕනෑ කියලා ඇත්ත ප්‍රශ්න සියල්ලම යටපත් කරනවා. ජාතික ප්‍රශ්නය උඩට ඔසවනවා සිංහල ජනතාව අනතුරේ; මුස්ලිම් ආක්‍රමණයක් තියෙනවා; ඒකෙන් බේරෙන්න සිංහල ජනතාව එකතු වෙන්න ඕනෑ කිව්වා. ජාතිය බේරාගන්න මහින්ද දිනවන්න කතිරේ ගැහුවා. ප්‍රශ්නය එහෙමමයි.

ගෝඨා බලයට එනවා. මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව අනතුරේ; ගෝඨාභය ජාතිවාදියා; ගෝඨාභයගේ ආණ්ඩුවෙන් බේරෙන්න කියලා හකීම් පාර්ලිමේන්තුවට එවනවා. ජාතිය උඩට ආවා. ඇත්ත ප්‍රශ්නය යටගියා. හැමදාමත් මේ රටේ ආණ්ඩු හැදුවේ ජාතිය බේරා ගැනීමට ජනතාවගෙන් ඡන්ද අරගෙන. රටේ මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරනවා. ආර්ථිකය වට්ටනවා. රට හිඟන රටක් බවට පත්කරනවා. ඡන්දෙ ළඟ එනකොට ජාතිය බේරා ගැනීමේ සටන උඩට ගන්නවා. ජනතාව ජාතිය බේරා ගන්න ඡන්දෙ දෙනවා. 2020 මහ ඡන්දෙදි මුස්ලිම් නායකයෝ ඇවිත් කිව්වේ මොකක්ද? මහින්දගේ ජාතිවාදයෙන් බේරෙන්න, ගෝඨාභයගෙන් බේරෙන්න, පාර්ලිමේන්තුවට හකීම් එවන්න කියලා. මුතූර්වලින් තවුෆික් පාර්ලිමේන්තුවට එවන්න කියලා. තවුෆික් පාර්ලිමේන්තුවට ගිහින් කළේ මොකක්ද? 20වැනි සංශෝධනය ගේනකොට ගෝඨාභයගේ බලය වැඩි කරන්න තවුෆික් ගෝඨාභයට ඡන්දෙ දෙනවා. මුස්ලිම් ජනතාව ගෝඨාභයගෙන් ජාතිය ආරක්ෂා කරගන්න තවුෆික් පාර්ලිමේන්තුවට යවන්න ඡන්දෙ දෙනවා. තවුෆික් ගෝඨාභය ආරක්ෂා කරගන්න පාර්ලිමේන්තුවේදී ඡන්දෙ දෙනවා. හැමදාමත් මේක සිදුවුණා. 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුව කාලේ හකීම් ආණ්ඩුවේ. 2001 රනිල්ගේ ආණ්ඩුවේදි හකීම් ආණ්ඩුවේ. 2005 මහින්දගේ ආණ්ඩුවේ හකීම් ආණ්ඩුවේ. 2010 මහින්දගේ ආණ්ඩුවේ හකීම් ආණ්ඩුවේ. රනිල්-මෛත්‍රීගේ ආණ්ඩුවේ හකීම් ආණ්ඩුවේ. යාන්තම් අවුරුදු දෙකක් විපක්ෂයේ. දකුණෙත් මෙහෙම තමයි. දකුණට සිංහල ජාතිවාදය අවුස්සනවා. නැගෙනහිරට මුස්ලිම් ජාතිවාදය අවුස්සනවා. උතුරට දෙමළ ජාතිවාදය අවුස්සනවා. එහෙම කරලා බලය අරන් කට්ටියම එකට හොරකම් කරනවා.

අපිව බෙදුවා. ඒගොල්ලෝ එකතු වුණා. දැන් අපි එකතු වෙන්න ඕනෑ. අපි බෙදිලා ඵලක් නැහැ. රනිල්ගේ මහින්දගේ සජිත්ගේ ව්‍යාපාරය සිංහල, දෙමළ, මුස්ලිම් බෙදන ව්‍යාපාරය. ජාතික ජන බලවේගය ජනතාව එකතු කරන ව්‍යාපාරය. අපි අතර සංස්කෘතික වෙනස්කම් තිබෙනවා. ඒවා දේශපාලන වෙනස්කම් නොවෙයි. අපි අතරේ තිබෙන්නේ භාෂාවේ වෙනසක්. මුස්ලිම් ජනතාව ඉස්ලාම් දහමත්, දෙමළ ජනතාව හින්දු දහමත්, සිංහල ජනතාව බෞද්ධ ධර්මයත්, ක්‍රිස්තියානු ජනතාව කිතුදහමත් අදහනවා. එතන දේශපාලන බෙදීමක් නැහැ. එතන තිබෙන්නේ ආගම් අතර වෙනසක්. මුස්ලිම් ජනතාවට විපතක් වුණොත් ‘අල් කුරානයේ’ වගන්ති හයදහස් හයසිය හැටහයකින් තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට උපදෙස්දී තිබෙනවා. සිංහල බෞද්ධ ජනතාවට ධම්ම පදයෙන් හෝ ජාතික කථාවෙන් ජීවිතය ගොඩනඟාගන්න උදාහරණදී තිබෙනවා. කිතුනු ජනතාවට ‘බයිබලයෙන්’ හා ක්‍රිස්තුස්වහන්සේගේ ජීවන චරිතයෙන් ජීවිතය ගොඩනඟාගන්න හැටි කියා දෙනවා. හින්දු ජනතාවට ‘ගීතාවලියෙන්’ ජීවිතය පවත්වාගෙන යන්න මග පෙන්වනවා. ඔබ රාමසාන් උත්සවය සමරනවා. බෞද්ධ අපි වෙසක් උත්සවය සමරනවා. කිතුනු ජනතාව නත්තල් සමරනවා. දෙමළ ජනතාව තෛපොංගල් සමරණවා. මේ වෙනස්කම් අපේ සංස්කෘතියෙන් එන දේවල්. සිංහල තරුණිය ඔසරියත්, මුස්ලිම් තරුණිය හිජාබියත්, පර්දාවත්, දෙමළ තරුණිය සල්වාරිය අඳිනවා. මේ අපේ සංස්කෘතික වෙනස්කම්. හැබැයි මේ පාලකයන් කළේ, සංස්කෘතික වෙනස්කම දේශපාලන බෙදීමක් ඇතිකිරීම දක්වා ගෙන ගියා. සිංහල නම් මහින්දගේ, දෙමළ නම් සම්බන්ධන්ගේ, මුස්ලිම් නම් හකීම්ගේ. මේවැනි බෙදීම් ධම්මපදයේ, අල් කුරානයේ, බයිබලයේ, හෝ ගීතාවලියේ නැහැ. මුස්ලිම් නම් ගහට, දෙමළ නම් ඉරට, සිංහල නම් පොහොට්ටුවට වශයෙන් බෙදුවා. අපි අතර තිබෙන්නේ සංස්කෘතික වෙනස්කම් පමණයි. හොරකම් කරද්දී බලයේ සිටියේ කොහොමද? ජාතිවාදය ඇවිස්සුවා. හොරකම් යට ගියා. රට වට්ටන එක යටගියා. ජාතිවාදය උඩට එසවුණා. මේගොල්ලෝ දීර්ඝ කාලයක් බලයේ සිටියේ අපේ සංස්කෘතික බෙදීම් දේශපාලන බෙදීම් දක්වා ගෙන ගිය එකෙන්. එම ජාතිවාදී දේශපාලනයෙන් දකුණට, නැගෙනහිරට, උතුරට සෙතක් වුණාද?

මුස්ලිම් අය හාරිස්පත්තුවට, අකුරණට, වැලිගමට, බේරුවලට, කොටු කරනවා. මිශ්‍ර වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ සංගීතයේ මුස්ලිම් අය උඩින් හිටියා. ගවුෆ් මාස්ටර් කියන්නේ මුස්ලිම් ජාතික ප්‍රධාන සංගීතඥයෙක්. අද එහෙම කෙනෙක් නැහැ. චිත්‍රපට කර්මාන්තයේ ප්‍රධාන කැමරා ශිල්පියෙක් තමයි ගෆූර් මාස්ටර්. ප්‍රධාන පෙළේ ගායකයෙක් සිටියා බෙග් මාස්ටර්. අද එවැනි අය අපට ඉන්නවාද? අද මුස්ලිම් නියෝජනය නැගෙනහිරට කොටුවෙලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙ සිටියා මහරූෆ්, දිල්ශාන්, ගයිස්, ක්‍රීඩකයන්. අද ඒ අය ජාතික තලයෙන් වෙන්කරලා. සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් සම්මිශ්‍රණව ජීවත් වෙන්න ඕනෑ. අපි ජාතියක් හැටියට ගොඩනැගුනේ නැහැ. පාලකයෝ අපිව බෙදුවා.

අපි මේ සමුළුව පවත්වන්න තීරණය කර තිබුණේ 14වැනිදා. ප්‍රචාරක කටයුතු පවා කළා. නමුත් 14 දිනය වෙනස් කළා. ශ්‍රී ලංකා-පකිස්ථානය අතර ආසියානු කුසලානය වෙනුවෙන් වුණු වැදගත් ක්‍රිකට් තරගයක් තිබුණා. ඒ තරගය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට තමන්ගේ ජාතික කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කොඩිය අරගෙන ඉදිරියට එන්න තිබෙන වෙලාවක්. එදා තරුණයන් අන්තිම බෝලය දක්වා පිට්ටනියේ බලා සිටියේ පපුව ගැහෙමින්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර, නැගෙනහිර චියර් එක කාටද? ලංකාවට. සිංහල, දෙමළ, මුස්ලිම් අපි ප්‍රාර්ථනා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය. අපි එකතු වෙලා ඉන්නවා. නමුත් පාලකයා හදනවා අපිව බෙදන්න. අපි මේ රට හදමු. සිංහල, දෙමළ, මුස්ලිම් අපි හැමෝම එකතු වෙලා, මේ රට ගොඩනගමු. පැරණි දේශපාලනය වෙනස් කරමු.

හිටපු ජනාධිපතිවරු, හිටපු අගමැතිවරු, එයාලගේ පුතාලා, හිටපු හා ඉන්න මුදල් ඇමතිවරු සියලුම දෙනා ආණ්ඩුවේ. ඉස්සර මහින්ද රාජපක්ෂ දේශප්‍රේමියා. රනිල් දේශද්‍රෝහියා. අද දෙන්නම එකට ආණ්ඩුවේ. රවි කරුණානායක මහ බැංකු හොරා. බංදුල ගුණවර්ධන මහ බැංකු හොරා අල්ලන හාදයා. දැන් දෙන්නාම එකට ආණ්ඩුවේ. ඒ සියලුම දෙනා එකට ඉන්නේ. ඇයි ඒ? මේ අවසාන ඉනිම ඇවිත් තිබෙන්නේ. තවදුරටත් ජාතිවාදය වලංගු නැහැ. 2019 ජනාධිපති ඡන්දයේදි ගෝඨාභය දිනන්න ප්‍රධාන හේතුව වුණේ පාස්කු ප්‍රහාරය. මේ ප්‍රහාරය සඳහා ව්‍යාපෘතිය පටන් ගත්තේ 2017දි. වඳ ඇඳුම්, වඳ කොත්තු, තියෙනවා කිව්වා. ඒ කිව්වේ ගෝඨාභය පුටුවේ වාඩිවෙනකම්. ගෝඨාභය ආවාට පස්සේ කොත්තු වඳ වුණා. වඳ දොස්තර, සිංහල කාන්තාවෝ හාරදහසක් වඳ කර තිබෙනවා කිව්වා. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුවුණා. රට බෙදුණා. අප්‍රේල් 25 ගෝඨාභය කිව්වා, “මම ජනාධිපති ඡන්දෙට එනවා” කියලා. මැයි 10දා කිව්වා “මම ඇවිත් මුස්ලිම් අන්තවාදය පරාජය කරනවා” කියලා. දැන් වඳ කොත්තු, වඳ ඇඳුම් ඉවරයි. වඳ දොස්තරට රස්සාව දුන්නා.

පාස්කු ප්‍රහාරයේ සැකයට භාජනය වෙන තැන් ගොඩක් තිබෙනවා. පිල්ලෙයාන්ගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් පැහැදිලිව ප්‍රකාශ කොට තිබෙනවා, මේ ගැන පැහැදිලි පරීක්ෂණයක් කළ යුතුයි. ඒ ගැටුමෙන් 270ක් පමණ මිය ගියා. බොහෝ පිරිසක් ආබාධිත වුණා. සිංහල, මුස්ලිම් ජනතාව අතර හදවත් බේදභින්න වුණා. බැඳීම් නැතිවුණා. අදත් සුව නොකළ හැකි තුවාලයක් ඒක. සිංහල ජාතිවාදී සංවිධානවලටත්, සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදී සංවිධානවලටත් එකම ගිණුමෙන් පඩි දීලා. පිල්ලෙයාන්ටත් දෙනවා. ජාතිවාදය වපුරලා, ගැටුමක් ඇති කළා.

මේ ප්‍රහාරයට වගකිවයුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වූ අය. ජනාධිපති ආරක්ෂක ඇමති, අගමැති රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, ප්‍රහාරය වළක්වා ගැනීමට බැරි වූ නිසා ඔවුන් වගඋත්තරකරුවන්. ඒගොල්ලෝ දැන් ආණ්ඩුවේ. දෙක ප්‍රහාරය සැලසුම් කළ කණ්ඩායම. පිල්ලෙයාන්ට, ගෝඨාභයට, බුද්ධි අංශයේ ප්‍රධානියාට, චෝදනාවක් එල්ලවී තිබෙනවා. එයාලා ආණ්ඩුවේ. ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූ කණ්ඩායමයි, ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ලවී තිබෙන කණ්ඩායමයි, සියලු දෙනාම ආණ්ඩුවේ. ඒ නිසා පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ. නමුත් මේ අපරාධ කාලයේ වැලිතලාවට යටවෙන්න ඉඩ දෙන්න බැහැ. සැබෑ අපරාධකරුවන් ජනතාවට හෙළි කළ යුතුයි. ඒක කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපි ඒ වැඩය කරනවාමයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් අතර ජාතික සමගිය ඇති කරනවා. ආයෙමත් කුරුන්දි විහාරයේ ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන ආයෙත් අවුස්සන්න හදනවා. කොළඹ පොන්නම්බලන්ගේ ගෙය වටලනවා. හැබැයි ඇවිස්සෙන්නේ නැහැ. දකුණේ ජාතිවාදය අවලංගුයි. සායින්දුමරුදුවල අවුස්සන්න හදනවා. හැබැයි නැගෙනහිර ජනතාවත් තවදුරටත් ජාතිවාදය තමන්ගේ දේශපාලනය බවට පත්කර ගන්නේ නැහැ.

උතුර, දකුණ, නැගෙනහිර සියලුම ජනතාව අද ජාතිවාදය, හොරකම ප්‍රතික්ෂේප කරනවා. මෙහේ විතරක් නොවෙයි, ඕස්ටේ්‍රලියාවේ, මැදපෙරදිග, ඉතාලියේ අපේ ජනතාව අපව ඉල්ලනවා. අපේ ඇමතුම් බලාපොරොත්තුව ඉන්නවා. මේ සැම දෙනෙක්ම විශ්වාසය තබා තිබෙන්නේ ජාතික ජන බලවේගය කෙරෙහි.

අපේ රටේ යුද්ධ ඇතිකර ගත්තා. අපේ දරුවන්ට යුද්ධ නැති රටක් හදන්න ඕනෑ. ඉට්ලිවලට, බිරියානිවලට, කිරිබත්වලට ආසකරන දරුවන්ගෙන් පිරි රටක් හදමු. අපේ ව්‍යාපාර නඟා සිටුවන්න ඕනෑ. අද ව්‍යාපාර, කර්මාන්ත කඩා වැටිලා. ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය විශාල සම්පතක්. වසර 50කට වැඩි කාලයක් තිස්සේ අමුවැලි පිටරට පටවනවා. ලෝකයේ රටවල් ඒ අමුවැලිවලින් අලුත් මූලද්‍රව්‍ය සොයාගෙන නව නිෂ්පාදන කරනවා. ත්‍රීකුණාමල වරාය ආසියාවේ තිබෙන විශාලතම ස්වභාවික වරාය. ඒක දියුණු කරන්නේ නැහැ. ඉන්දියාව ඒක ගැන බලාගෙන ඉන්නවා. චයිනාබේ වරාය තෙල් ටැංකි 99ක් තිබෙනවා. මෙටි්‍රක් ටොන් ලක්ෂ 10ක් ගබඩා කළ හැකියි. දැවැන්ත ගබඩා සංකීර්ණයක්. ඒක දියුණු කරන්නේ නැහැ. මේ පාලකයෝ තෙල් ටැංකි ටික, වරාය, ත්‍රීකුණාමලයේ විශාල ඉඩම් ප්‍රමාණයක්, ඉන්දියාවට දෙන්න සැලසුම් සකස් කර තිබෙනවා. ඒ නිසාම තමයි සෙන්දිල් තොණ්ඩමාන් නැගෙනහිර ආණ්ඩුකාරයා වුණේ. ඔහු කඳුකරයේ සිට මෙහෙට ආවේ ඉන්දියාවේ නූල අදින්න. දැන් නැගෙනහිර තෙල් ටැංකි ටික, වරාය, ත්‍රීකුණාමලයේ ඉඩම් ටික, ස්වභාවික සුළං බලයෙන් මෙගාවොට් 4000ක හැදිය හැකි සුළං බලය, පුනරීන්, ත්‍රීකුණාමලයේ ඔරලෝසු කණුව, අද ඉන්දියාවේ. මේ පාලකයන් අපේ සම්පත් විකුණනවා, අපේ රටේ ස්වෛරීභාවය නැහැ. සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව ගැටුමේ. අපේ සම්පත් අපිට අහිමිවෙමින් යනවා.

බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට අවුරුදු 150ක් පාලනය කළා. එදා සුද්දාට විරුද්ධව අපට එකතු වෙන්න බැරි වුණා. අපි එදත් බෙදුණා. ඉන්දියාවේ සුද්දට එරෙහිව සික් නායකයෝ, හින්දු නායකයෝ, මුස්ලිම් නායකයෝ එකතු වෙලා යුද්ධ කළා. අපේ රට ජාතීන් ලෙස වෙන්ව බෙදලා සුද්දා පාලනය කළා. අවුරුදු 75ක් අපව බෙදලා පාලනය කරනවා කළු සුද්දා. මේගොල්ලන්ගේ ක්‍රමය බෙදා වෙන්කර පාලනය කිරීම. අපි එකතු වෙමු. මේ රට ගොඩනඟන වැඬේ කරමු. ඒ සඳහා ජාතික ජන බලවේගයේ අපි සූදානම්. මේ රැස්වෙලා ඉන්න සැමගෙන් ඉල්ලන්නේ සාම්ප්‍රදායික දේශාපලනය අත්හරිමු. දකුණේ පාරම්පරික දේශපාලනය වෙනස් වෙලා. සාම්ප්‍රදායික දේශපාලන කඳවුරු ගැලවිලා. තරුණ පරම්පරාව නව දේශපාලන ව්‍යාපාරයක් අපේක්ෂා කරනවා. මේ අවස්ථාව අත් නොහැරිය යුතු අවස්ථාව. වැඩ කරමු. ජයග්‍රණයෙන් තොරව මේ ගමන නතර නොකරමු. මුතූර් ජනතාවට ජයවේවා යැයි මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

මාතලේ පාසල්වලට හොකි පිති බෙදයි

Next Post

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට කඩිනම් යෝජනා 13 ක් ජනපතිට – ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද

editor

editor

Next Post

ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට කඩිනම් යෝජනා 13 ක් ජනපතිට - ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved