• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා රතුකුරුස සමාජය මඟින් මාතර ජනතාවට ආපදා සහන වැඩසටහනක්

16 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දැඩිලෙස පීඩාවට පත්ව සිටින , ගම්පහ , ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ජනතාව වෙත සහන සැලසීම සඳහා , රුපියල් මිලියන 140කට අධික මූල්‍යමය වටිනාකමකින් යුත් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා රතුකුරුස සමාජය පවසයි.

මෙම ආපදා සහන වැඩසටහන හරහා , අදාළ දිස්ත්‍රික්ක තුනෙහි , පවුල් 3000කට පමණ අයත් පුද්ගලයින් 15000කට පමණ සහන සැලසීම , ශ්‍රී ලංකා රතු කුරුසයේ ඉලක්කය හා අපේක්‍ෂාව වී ඇත .

පීඩාවට පත් ජනතාව වෙත මූල්‍යාධාර ලබාදීම , අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ ලබාදීම , මෙන්ම , වෛද්‍යාධාර හා ප්‍රථමාධාර ලබාදීම , පානීය ජල සැපයුම් හා සනීපාරක්‍ෂක තත්වයන් ඉහල නැංවීමට පියවර ගැනීම , පිරිසිදු කිරීමේ ව්‍යාපෘති , වියලි ආහාර බෙදාදීම , පාසල් පොත් පත් හා උපකරණ බෙදාදීම ඇතුළු කටයුතු රැසක් මෙම වැඩසටහනට ඇතුලත්ව ඇති බව ශ්‍රී ලංකා රතු කුරුසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය .

හදිසි ආපදා ප්‍රතිචාර අරමුදල (Disaster Response Emergency Fund ) ,යටතේ ක්‍රියාත්මක මෙම විශේෂ වැඩසටහන , ජාත්‍යන්තර රතුකුරුසයේ හා ජාත්‍යන්තර අඩසඳ සමාජයන්ගේ සහය ඇතිව ක්‍රියාත්මක කර ඇති බවත් , මාස හතරක කාලාසීමාවක් පුරා මෙම ආධාර වැඩසටහන දියත් කරන බවත් , අබේසිංහ මහතා පැවසීය .

මෙම වැඩසටහන දැනටමත් අදාළ දිස්ත්‍රික්ක තුනෙහිම සාර්ථකව ක්‍රියාත්මකවෙමින් ඇති අතර එළඹෙන පෙබරවාරිය වන විට වැඩසටහනේ සියලු ඉලක්ක සපුරාලීමටද නියමිතව ඇත .

මෙම ආපදා සහන වැඩසටහනේ විවිධ කොටස් ගැන වැඩිදුරටත් පැහැදලි කරමින් ජගත් අබේසිංහ මහතා මාධ්‍ය වෙත මෙසේද පැවසීය ,

මූල්‍යාධාර බෙදාහැරීමේ වැඩසටහන හරහා පවුල් 1900 ක , පුද්ගලයින් 9500කට සහන සැලසීමට නියමිතයි . එසේම මෙහිදී පුද්ගලයින් 50000කට පමණ අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාදීමට කටයුතු කරනවා . එසේම වෛද්‍ය කඳවුරු හරහා 40000කට අධික පිරිසකට වෛද්‍යාධාර ලබාදීමට සැලසුම් කර තිබෙනවා . මෙහිදී විශේෂයෙන් වැඩිමහල් පුද්ගලයින්ට හා නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට විශේෂ අවධානයක් යොමුකෙරෙනවා .

පානීය ජල සැපයුම් හා සනීපාරක්‍ෂක වැඩසටහන් හරහා 14000 කට අධික පිරිසකට සෙත සැලසීමට සැලසුම් කර තිබෙනවා . එසේම පාසල් ළමුන් 4000කට අධික සංඛ්‍යාවකට පාසල් පොත් පත් හා උපකරණ ලබාදෙමටද මෙම වැඩසටහන යටතේ සැලසුම් කර තිබෙනවා . වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරෙනවා.

Post Views: 9
Previous Post

2023 ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය සාර්ථකව නිම වේ

Next Post

ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ICTA හා බ්‍රැන්ඩික්ස් අතර අවබෝධතා ගිවිසුමක්

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ නව්‍ය ව්‍යාපාර බල ගැන්වීමට ICTA හා බ්‍රැන්ඩික්ස් අතර අවබෝධතා ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved