• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

මහකන්නයට කාබනික පොහොර ලබා දෙන්න ගොවියෙකු සුදානම්

8 September 2021
in විශේෂාංග
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහවැලි එච් කළාපයේ, මහඉලුප්පල්ලම කොට්ඨාශයේ අක්කර 10 200 ක භූමි ප්‍රමාණයක් වෙනුවෙන් පසුගිය කන්නයේ රසායනික පොහොර ලෙස යූරියා කිලෝ 880 000 ක්, ටී.එස්.පී පොහොර කිලෝ 2 04 000 ක්, එමි.ඕ.පී පොහොර කිලෝ 2 24 000 ක් ගොවිබිම් වෙත මෙවර මහ කන්නයේ කාබනික පොහොර ටොන් 4080 ක් නිෂ්පාදනය කිරීමේ ඉල්ලක්කය වෙත ලඟා වෙමින් පවතියි.

මේ වන විට එම ඉලක්කයෙන් 70 % ක් සම්පූර්ණ කර ඇතැයි මහවැලි එච් කළාපයේ, මහඉලුප්පල්ලම කොට්ඨාශ කළමණාකාර කපිල කුමාර මහතා පවසයි.

රසායනික පොහොර භාවිතය වෙනුවට කාබනික පොහොර වලට ගොවීන් යොමු කරවීමේ වත්මන් රජයේ ප්‍රථිපත්තිමය තීරණයට අනුව රසායනික පොහොර ආනයනය සීමා කිරීමත් සමඟ මහවැලි එච් කළාපයේ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කරවීමට මහවැලි අධිකාරිය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබීය.ඒ වෙනුවෙන් ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා දැනුම ලබා දීමට මෙන්ම රසායනික පොහොර නොමැතිව වුවද කාබනික පොහොර තුලින් හොඳ අස්වැන්නක් ලබා ගත හැකිය යන ආකල්පමය වර්ධනයන් ඇති කිරීම සඳහා ප්‍රායෝගික පුහුණු වැඩමුළුද සංවිධානය කර ඇත.ඉන් පසු ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය සොයා ගැනීමේ ගැටලු පැවතීම හේතුවෙන් මහවැලි අධිකාරිය මගින් වැව් වලින් ඉවත් කරන ජපන් ජබර, පාසි ඇතුළු ජලජ ශාඛ ට්‍රැක්ටරයක් ගොවීන්ගේ නිවසේ හෝ ගොවිබිම් වෙත නොමිලේම ප්‍රවාහනය කර දීම හා අමුද්‍රව්‍යය ලෙස අවශ්‍යය වන එප්පාවල පොස්පේට් නොමිලේ ලබා දීමද මහවැලි අධිකාරිය මගින් සිදු කිරීමත් සමඟින් කාබනික පොහොර සෑදීමට මැලිකමක් දැක්වූ ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනයට මහත් උනන්දුවක් දක්වන බව මහවැලි අධිකාරිය පවසයි.

මේ වන විට මහඉලුප්පල්ම කොට්ඨාශයේ ගොවි සංවිධාන 50 කට අයත්, ගොවීන් 5 600 ක්, තම වගාබිම් වන අක්කර 10 200 ක ඉදිරි මාස් කන්නය වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කර ඇත.මෙම කොට්ඨාශයේ වගාබිම් සඳහා කාබනික පොහොර ටොන් 4080 ක් පමණ අවශ්‍ය වෙතැයි ගණන් බලා ඇත.ඉන් 70% ක් පමණ මේ වන විට නිෂ්පාදනය කර ඇති අතර, ඉතිරි ප්‍රමාණයද මෙම කොට්ඨාශය තුළ ගොවීන් අතින් නිෂ්පාදනය කරන බව මහවැලි අධිකාරිය පවසයි. ගොවීන්ට නිසි ප්‍රමිතියකින් යුතු කාබනික පොහොර ඒකක පිහිටුවන ආකාරය පුහුණු කිරීම, පිහිටවූ කාබනික පොහොර ඒකක ගොඩපෙරළීම , තෙතමනය හා උෂ්ණත්වය පරික්ෂා කරමින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කිරීම මෙන්ම අදාළ කාබනික ඒකක පරික්ෂාවන්ට ලක් කිරීමද මහවැලි අධිකාරියේ ක්ෂ්‍රේත්‍ර නිළධාරීන් හා කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන් මගින් සිදු කරනු ලබයි.
මේ වන විට මහඉලුප්පල්ලම මහවැලි කොට්ඨාශයේ ගන්තිරියාගම වැවේහි පැවති ජපන් ජබර හා පාසී ඇතුළු ආක්‍රමණික ශාඛ වැවෙන් ඉවත් කර වැවද සංවර්ධනය කර ඇති අතර, ඉවත් කළ ජපන් ජබර හා පාසී ගොවීන්ගේ නිවෙස් හා ගොවිබිම් වෙත ප්‍රවාහනය කර ඇති අයුරු දැක ගත හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහඉලුප්පල්ලම මහවැලි කොට්ඨාශකාර්යාලෙයේ වාරී මාර්ග ඉංජිනේරු, ඒ.එම්.ඩබ්ලිව් අලුත්ගල මහතා,

ගන්තිරියාගම වැවේ ජලජ ශාඛ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මේ දින වල සිදු කරන කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සඳහා එක ජලජ ශාඛ ට්‍රැක්ටර් ලෝඩ් එකක් ගොවි මහතෙකුට නොමිලේ ලබා දෙනවා. ගොවි මහත්වරුන්ට ඒත් සමඟ තවත් අමුද්‍රව්‍ය හා සත්ව අපද්‍රව්‍යයත් යොදා ගෙන කොම්පෝස්ට් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉපලෝගම ගොවි සංවිධානයේ සභාපති එච්.එම් අමරසිංහ මහතා,

මේ දිනවල රට පුරාම කාබනික පොහොර සකස් කිරීමේ ව්‍යාපෘති සිදු කෙරනවා, ඉපලෝගම ගොවි සංවිධානයේ ගොවීන්ට ගැටලුවක් තිබුණා මේ සඳහා අමුද්‍රව්‍යය සපයා ගැනීම පිළිබඳව.ඒ නිසා ගොවීන් කාබනික පොහොර සකස් කිරීමට තරමක මැලිකමක් දැක්වූවා.ඒ අවස්ථාවේදී මහවැලි එච් කළාපයේ, මහඉලුප්පල්ලම කොට්ඨාශ කළමණාකාරතුමා ඇතුළු නිළධාරීන් එකතු වෙලා මේ ගැටලුවට විසදුම් ලෙස ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනුම ලබා දීම සිදු කරනවා, ගොවීන්ට පවතින අමුද්‍රව්‍යය හිඟයට විසඳුමක් ලෙස සෑම ගොවියකුටම වැව් වලින් ඉවත් කරන ජලජ ශාඛ ට්‍රැක්ටර් ලෝඩ් එකක් සහ කාබනික පොහොර නිෂ්පාදනයේදී මිශ්‍ර කිරීමට යොදන පොස්පේට් පොහොර මිටියක් නොමිලේ ලබා දීම සිදු කරනවා.ඒ නිසා මේ වැඩසටහන ඉතා සාර්ථක තත්වයට පත් වෙලා තියෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගෙවිලියක වන රේණුකා එදිරිසිංහ මහත්මිය,

අපි අක්කර 3 1/2 ක් පමණ ගොවිතැන් කරනවා, මාස් කන්නයේදී වී වගාවත්, යළ කන්නයේදී සොයා/ බඩඉරගු වගේ දේ වගා කරනවා.රසායනික පොහාර භාවිතය තහනම් කිරීමත් සමඟ අපි කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වුණා. මහවැලි අධිකාරිය මගින් ඒ සඳහා උපදෙස් හා මගපෙන්වීම ලබා දුන්නා.අපි කොම්පෝස්ට් එකක 03 ක් මේ වන විට නිෂ්පාදනය කරලා තියෙනවා.ඉදිරි කන්නයේදී අපි 100% ක් කාබනික වගාවකට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.

මහඉලුප්පල්ලම රන්කැකුළු ගොවි සංවිධානයේ, අලුවිහාරේගම ගොවි ජනපදයේ එච්.එම් තිලක් සුසන්ත හේරත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

මගේ ප්‍රධාන ආධායම් මාර්ගය ගොවිතැන, මම අක්කර 05 ක පමණ ගොවිතැන් කරනවා, රසායනික පොහොර තිබුණ නිසා බොහෝම පහසුවෙන් ගොවිතැන් කළත්, දැනට රජයෙන් රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීරණයත් එක්ක අපි ඉදිරියට කොහොමද ගොවිතැන් කරන්නේ කියන ප්‍රශ්නයක ඉද්දී මහවැලියෙන් අපට උපදෙස් දුන්නා කොම්පෝස්ට් ව්‍යාපෘති ආරම්භ කරමු කියලා. ඒ සඳහා අවශ්‍යය දැනුම ලබා ගැනීමට පොත් පිංචක් ලබා දුන්නා, ඒ වගේම කොම්පෝස්ට් සාදා ගන්නා ආකාරය පිළිබඳව පුහුණු වැඩමුළු පවත්වනු ලැබුවා. ඒ වගේම මහවැලිය මගින් වැව් වලින් ඉවත් කරන ජපන් ජබර හා එප්පාවල පොස්පේට් පොහොර නොමිලේ ලබා දුන්නා. මම දැනට අක්කර 3 1/2 කට කොම්පෝස්ට් හදලා අවසන් කරලා තියෙනවා.ගොවි මහතුන් විශාල ප්‍රමාණයක් මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනයට යොමු වෙලා තියෙනවා.‍
මහඉලුප්පල්ම රංකෙත ගොවි සංවිධානයේ සභාපතිතුමන් කියා සිටියේ,

අපේ ගොවි සංවිධානයේ ගොවි මහතුන් 72 ක් අක්කර 196 ක් කුඹුරු වගා කරනවා. අපි සියලු දෙනාම මේ වන විට කාබනික පොහොර නිෂ්පාදනය කරලා තියෙනවා.ඒ සඳහා මහවැලි අධිකාරිය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් අපිට විශාල සහයක් ලැබුණා. කාබනික පොහොර නිෂ්පාදනයට උපකාර මෙන්ම උපදෙස් ලබා දුන්නා.අපි ඉදිරි කන්න වලටත් වී ගොවිතැනට, එළවලු හා පළතුරු වගාවන් වලටත් කාබනික පොහොර යොදා ගෙන වස විසෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දායක්තවය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉපලෝගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරී ඩී.එම්.ජී.එස් ජයරුවන් මහතා,

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරන වස විසෙන් තොර කාබනික පොහොර භාවිතයෙන් වගා කිරීමේ කාර්යය සඳහා ඉපලෝගම ගොවිජන සේවා බලප්‍රදේශයේ ගොවීන් ඉතා හොඳින් පෙළගැසෙමින් සිටිනවා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය ඒකාබද්ධ වෙමින් ගොවීන් උත්තේජනය කිරීම සිදු කරනවා.කාණ්ඩ 03 ක් යටතේ ගොවීන් ලියාපදිංචි කිරීම අප සිදු කරනවා. තම වගාවට කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවීන්, සුළු පරිමාණ හා මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදකයින් ලෙස ලියාපදිංචිය සිදු කරනවා.බිම් මට්ටමේ ගොවීන් ට මේ පිළිබඳ විදිමත් පුහුණුවක් ලබා දී අවසන් කර තිබෙනවා, ගොවීන් උත්තේජනය කිරීම සඳහා මහවැලි අධිකාරිය මගින් වැව් වලින් ඉවත් කරන ජලජ ශාඛ ගොවීන්ගේ නිවසටම නොමිලේම ලබා දීලා ගොවීන් උත්තේජනය කිරීමේ කටයුත්තක් සමඟ අපි ඒකාබද්ධව කටයුතු කරනවා.එය ඉතා සාර්ථකව සිදු කෙරනවා.මහවැලි බලප්‍රදේශයේ 70% ක් පමණ ගොවීන් මේ සඳහා යොමු වී තිබෙනවා. මුල් කාලයේ ගොවීන් මේ සඳහා පසුගාමීව කටයුතු කළත් ගොවීන් හා ගොවි සංවිධාන සවිබල ගන්වමින් මේ කටයුත්ත අපිට සිදු කරන්න හැකියාව ලැබුණා.අපි නොහැතපු අකාරයේ ප්‍රථිචාරයක් මේ වන විට ගොවීන්ගෙන් ලැබෙනවා. ඉදිරි කන්නය සඳහා අවශ්‍ය සියලු කාබනික පොහොර ප්‍රමාණය අපේම ගොවි මහතුන්ට මේ ප්‍රදේශයේම නිෂ්පාදනය කර ගත හැකි වේයැයි බලාපොරොත්තුව අපිට තියෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහවැලි එච් කළාපයේ, මහඉලුප්පලම කොට්ඨාශ කළමණාකාර කපිල කුමාර මහතා,

මහඉලුප්පල්ලම කොට්ඨාශයේ 2021/22 මාස් කන්නයේ වගාවන් සඳහා අක්කර 10 200 ක භූමි ප්‍රමාණයක් වගා කිරීමට නියමිතයි.ඒ වෙනුවෙන් රජය මේ වන විට ගෙන ඇති ප්‍රථිපත්තිමය තීන්දුව අනුව යමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මේ දින වල සිදු වෙනවා.ඒ සඳහා ගොවීන් යොමු වීමට මුලදී යම් මැළිකමක් දැක්වීම හේතුවෙන් මහවැලි අධිකාරිය මගින් ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍යය දැනුම හා අකල්පමය වෙනස ඇති කිරීමට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.මේ කොට්ඨාශයේ ගොවීන් 5600 ක් පමණ සිටිනවා. ගොවි සංවිධාන 50 කට ගොණු ගත වෙලා ඉන්නවා. ඔවුන් අක්කර 10 200 ක භූමි ප්‍රමාණයක් වගා කරනවා.ගොවීන් 30 දෙනෙකුට එක් පුහුණු වැඩසටහන බැගින් පුහුණු වැඩසටහන් රැසක් මේ වන විට සිදු කර තිබෙනවා.කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍යය අමුද්‍රව්‍යය ලෙස ජපන් ජබර හා පාසි සහිත ජලජ ශාඛ ට්‍රැක්ටරයක් ගොවීන්ගේ නිවස හෝ ගොවි බිම වෙත නොමිලේම ප්‍රවාහනය කරලා දෙන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා, ඒ වගේම පොස්පේට් පොහොර අක්කරයකට කිලෝ 20 බැගින් නොමිලේ සියලුම ගොවීන් වෙත ලබා දීමට අවශ්‍යය කටයුතු සිදු කර තිබෙනවා.මේ වන විට ගොවීන් 70% ක් තමන්ගේ අවශ්‍යතාවට සරිලන ලෙස කාබනික පොහොර නිෂ්පාදනය කරලා අවසන්.මහඉලුප්පලම කොට්ඨාශය කියන්නේ කලාවැවෙන් පෝෂණය වන, පුරාණ යෝද ඇළෙන් දියවර ලබා ගන්නා ගොවි බිම් ඉදිරි මාස් කන්නයේදී වගා කටයුතු සිදු කළ පසු මේ කාබනික පොහොර නියමිත පරිදී දිරාපත් වෙලා වගාවන්ට යොදන තත්වයට පත් වෙයි.ඒ අනුව අපි ඉලක්කය වී ඇත්තේ අක්කර 10 200 ක භූමි ප්‍රමාණයට කොම්පෝස්ට් ටොන් 4080 ක වගේ ප්‍රමාණයක් ගොවීන්ගේ අතින්ම නිෂ්පාදනය කිරීමයි. පසුගිය කන්නයේදී මෙම කොට්ඨාශයේ ගොවීන් වෙත රසායනික පොහොර ලෙස යූරියා කිලෝ 880 000 ක්, ටී.එස්.පී පොහොර කිලෝ 2 04 000 ක්, එමි.ඕ.පී පොහොර කිලෝ 2 24 000 ක් පමණ ලබා දී තිබෙනවා. ඒ වෙනුවට තමයි කාබනික පොහොර ටොන් 4080 ක් නිෂ්පාදනය කරන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ.කාබනික පොහොර නිෂ්පාදනය කරන මෙම කොට්ඨාශයේ ගොවීන් වෙත දිරි දීමනා ලෙස රුපියල් මිලියන 50 ක් පමණ ගොවීන් වෙත ප්‍රදානය කිරීමටද නියමිතයි.ඒ සඳහා අවශ්‍යය කටයුතුද මේ වන විට සිදු කෙරනවා.

 

 

තිසර සමල් – අනුරාධපුර

 

Post Views: 2
Previous Post

ශ්‍රී ලංකාව නැවතත් සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගිවීම අරඹයි

Next Post

V1, Self-Designed Imaging Chip හඳුන්වා දෙයි

editor

editor

Next Post

V1, Self-Designed Imaging Chip හඳුන්වා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved