• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවලට සහයවීම සඳහා විධිමත් සැලැස්මක් අවශ්‍යයි – ජනපති

21 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක අවශ්‍යතාවයක් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (20) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයක ප්‍රධාන දේශනය සිදු කරමිනි.

“කිසිවෙකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මුල්‍යකරණය” යන තේමාව යටතේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබද 2023 සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ මෙම ඉහළ මට්ටමේ සංවාදය සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයින්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන නියෝජිතයන්, විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කලේය “පොදු රාමුවක් හෝ ක්‍රියා පටිපාටියක් නොමැති වීම නිසා මධ්‍ය ආදායම් ලබන රටවලට අත්වන ඉරණම පිළිබඳ මම ඔබගේ අවධානය යොමු කිරීමට කැමැතියි. එහිදී ශ්‍රී ලංකාව පිළිබඳ උදාහරණයක් පෙන්වා දෙනවා නම්, බංකොලොත්භාවය ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ දී එහි සියලු බාහිර මූල්‍ය ගනුදෙනු නතර වී යාම සඳහන් කළ හැකියි. මේ හේතුවෙන් විශාල දේශපාලන අර්බුදයකට මුහුණදීමට අපට සිදු වුණා. නමුත් කෙසේ හෝ ශ්‍රි ලංකාව නැවත ප්‍රගතියේ මාවතට පිවිස සිටින අතර එහිදී ඇමරිකානු රජයෙන් හිමි වූ පොහොර පරිත්‍යාගය නිසා ගැටලු රැසක් වළක්වා ගැනීමට හැකි වුණා. මේ අයුරින් බලන විට මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවලට සහාය විම සඳහා විධිමත් සැලැස්මක අවශ්‍යතාවය පවතින බව මම ප්‍රථමයෙන්ම අවධාරණය කර සිටිනවා. දෙවනුව, මෙහි ඉදිරිපත් කර ඇති සියලුම යෝජනා පිළිබඳ සාකච්ඡා කළ යුතු අතර ගෝලීය ආර්ථික තත්ත්වය පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මෙම වසරේ, අපේක්ෂිත ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 105 ක් පමණ වෙනවා. මෙයින් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 91ක් රාජ්‍ය ණයයි. එබැවින්, අපි මෙම උපකල්පන මත කටයුතු කරමින් සිටිනවා.
මෙහි ප්‍රවේශයක් ගැනීම සඳහා දැනට අප සතුව පවතින දේ අප පාවිච්චි කළයුතුව තිබෙනවා. දැනට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තරණ ණය පහසුකමක් ලෙස ඩොලර් බිලියන 100 ක් අපට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අප මූලික වශයෙන් මෙම අරමුදල භාවිතා කරන්නට කටයුතු කරනවා. වැදගත්ම කරුණ වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකම භාවිතයට ගැනීමයි. ඉන්පසුව, සංවර්ධනය වෙමින් පවතින රටවලට වාර්ෂිකව ඩොලර් බිලියන 500 ක් ලබා දීමට මෙන්ම කෙටි කාලීනව පවතින ණය, අඩු පොලී අනුපාත යටතේ දිගු කාලීන ණය බවට පරිවර්තනය කිරීමට මහලේකම්වරයාගේ තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ මගින් යෝජනා කර තිබෙනවා.
මෙම ඉලක්ක ඉදිරියට සාක්ෂාත් කරගත යුතුව ඇති බැවින් මහලේකම්වරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සාර්ථක කර ගැනීම කෙරෙහි අප දැන් අවධානය යොමු කළ යුතු වෙනවා. මීට සමගාමීව තවත් යෝජනා දෙකක් ද ඉදිරිපත් කර තිබෙනවා. ඉන් එක් යෝජනාවක් ලෙස පොහොර සහ ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර ලිහිල් කිරීම සම්බන්ධ ලෝක බැංකු යෝජනාව සැලකිය හැකියි. මෙය ඉතා වටිනා යෝජනාවක් බව කිවයුතුයි. එහිදී මුදල් ඉතිරිවීමක් සිදු වුවහොත් එම මුදල් වෙනත් කටයුතුවලට යොමු කිරීමට අවස්ථාව තිබෙනවා. දෙවන වැදගත් යෝජනාව ලෙස වෙළඳ මූල්‍ය පිළිබඳ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) යෝජනාව සැලකිය හැකියි. එය අපනයන පුළුල් කිරීම සඳහායි. ණය හිමියන්ට සත්‍ය අපහසුතාවයන් පවතින බව මම පිළිගන්නවා. අප ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතු බවටද මම යෝජනා කරනවා. නමුත් අඩු ආදායම්ලාභී රටවල් සඳහා කඩිනම් සහන හිමිවිය යුතුය. අපි වහාම එම සහන ලබා නොදුන්නොත්, අප විසින් ඉදිරිපත් කර ඇති අනෙකුත් සියලුම යෝජනාවලින් ඵලක් වන්නේ නැහැ. අපට වචනයෙන් සහයෝගය ලැබී ඇතත් ඒම වචන ක්‍රියාවට නංවන්නේ කවදාද කියා මම ඔබෙන් අහන්න කැමතියි.වත්මන් අභියෝග සඳහා ඵලදායී විසඳුම් සාකච්ඡා කිරීමට සහ තිරසාර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රය සමඟ ඉදිරියට යාමේ දී සාමාජික රටවලට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට මෙවැනි ඉහළ මට්ටමේ සංවාද මනා වේදිකාවක් සපයනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක්

Next Post

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමු වෙයි

editor

editor

Next Post

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved