• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 20 ක පා පාඩුවක් – ඇමැති අමරවීර

5 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වසරකට රුපියල් බිලියන 17-20ත් අතර පාඩුවක් මෙරටට සිදුවන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වගාහානි වැඩිපුරම සිදු කරන වනසතුන්ගෙන් රිළවා ප්‍රධාන වන අතර මොණරුන්, ඉත්තෑවුන්, වල් ඌරන් හා දඬුළේනුන් සිදු කරන වගාහානි ඉහළ ගොස් තිබේ. වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ සියලු උපක්‍රම අසාර්ථක වී ඇත. වසරකට එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 31,000කට අධික ප්‍රමාණයක් වනසත්ව හානි නිසා රටට අහිමි වේ. 2022 වසරේ දී රිළවුන් විසින් කා දමා විනාශ කර ඇති පොල් ගෙඩි ප්‍රමාණය පොල් ගෙඩි මිලියන 200ද ඉක්මවා ඇත.

මේ නිසා රට පුරා ගොවි ජනතාව විසින් වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතින් කරන ඉල්ලිම් ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඊයේ (04) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා වගා ආරක්ෂා කර ගැනීමට වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන් දෙකක් ලුණුගම්වෙහෙර හා සූරියවැව දී සිදු කෙරිණි. ලුණුගම්වෙහෙර තල් සංවර්ධන මණ්ඩලයේ දී හා සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී මෙම වැඩ සටහන් පැවැත්විනි.

ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් සියයට 50 ණය සහන පදනමක් මත මෙම වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහන ක්‍රියාත්මක කර ඇත. මෙහිදී එම වායු රයිෆල්වල වටිනාකමින් සියයට 50ක් රජය විසින් දරණ අතර ඉතිරි සියයට 50 ගොවින් විසින් ගෙවිය යුතුය.

වනසතුන් පළවා හැරීම වගා හානි ගැටළුවට ස්ථිර විසඳුමක් නොවේ. ඊට එකම විකල්පය වනසත්ව ගහණය පාලනය කිරීම පමණි. මේ සඳහා පළමු අදියර යටතේ රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දීමට මුලික පියවර ගත්තත් සත්ව මිත්‍ර සංගම් යැයි කියා ගන්නා පිරිසක් නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ අතරමඟ නතර කිරීමට සිදුවිය.

නමුත් ගොවි ගැටළුවට පිලිතුරු මෙතෙක් ලබා දීම අපොහොසත් වී ඇත. එමනිසා ඉදිරියේ දී ගොවි ජනතාවගේ ඉල්ලීම පරිදි ඇතැම් විට පතරොම් තුවක්කු පවා නිකුත් කිරීමට සිදුවනු ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම වැඩ සටහන යටතේ ලබන වසරේ දී දීපව්‍යාප්තව තවදුරටත් වායු රයිෆල් ලබා දෙන බව කී අමාත්‍යවරයා මෙම වායු රයිෆල් කිසිසේත්ම මිනිසුන් ඉළක්ක කර භාවිතා නොකරන ලෙසට උපදෙස් දී ඇතැයි ද එසේ කළහොත් එම පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

Post Views: 3
Previous Post

රජරට වැව් පිටාර ගලයි

Next Post

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කරනවා – ඇමැති සුසිල්

editor

editor

Next Post

ලබන වසර වන විට විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කරනවා - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved