ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා සහ ශ්රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan මහතා අතර විශේෂ හමුවක් අද(02) කොළඹ පිහිටි මෙරට රුසියන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
එහිදී විරවංශ මහතා සහ රුසියන් තානාපතිවරයා දෙරටෙහි වත්මන් දේශපාලන තත්ත්වයන් පිළිබඳවත් නව ලෝක දේශපාලන ප්රවණතා පිළිබඳවත් පැය දෙකකට අධික කාලයක් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ.
මෙම විශේෂ හමුව අවසානයේ දී විමල් වීරවංශ මහතා විසින් ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය පිළිබඳව රචිත “නවය; සැඟවුණු කතාව” විමර්ශනාත්මක කෘතියෙහි රුසියන් පරිවර්තනයෙහි පිටපත් රුසියන් පාඨකයන් සඳහා ලබා දීම පිණිස තානාපතිවරයාට සංකේතාත්මකව පිළිගැන්වීම ද සිදු විය.