ඩෙංගු රෝගය පාලනය සදහා ධූමායනය අනිවාර්යයෙන් කල යුතු බව සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා පවසයි.
ඩෙංගු කියන රෝගය පාලනය කිරීම සදහා එක් පාලන ක්‍රමයක් පමණක් සාර්ථක නොවන බවත් සාමෝධායික පාලන ක්‍රමයක් භාවිතා කල යුතු බව හෙතෙම පැවසිය.
පරිසර කළමනාකරණයෙ මගින් ඩෙංගු මදුරුවන්ට බෝ විය හැකි ස්ථාන අහිමි කිරීම, මදුරුවන් බෝ වන ප්‍රභව ඉවත් කිරීම රසායනික ක්‍රම ලෙසට ධූමායනය ජීව විද්‍යාත්මක ක්‍රම භාව්තය මෙවැනි ක්‍රම රාශියක එකතුවකින් තමයි මෙය පාලනය කල යුත්තේ බව දිස්නක දිසානායක මහතා කියා සිටියේය.
ධූමායනයට දැනට භාවිතා කරන ක්‍රමය වන කෘමිනාශක තනුක කිරීමට භාවිතා කරන භූමිතෙල් හෝ ඩීසල් වෙනුවට තනුක කිරීම සදහා ජලය භාවිතා කිරීම පිළිබඳව කීටවිද්‍යා නිළධාරීන් විසින් ජාතික ඩෙංගු මර්ධනය ඒකකයේ අධ්‍යක්ෂකට කරන ලද ඉල්ලීමකදී එතුමා මේ පිළිබඳ ලංකාවට භාවිතා කිරීමට හැකිද යන්න පර්යේෂණ කිරීමට එකග වු බවත් එය සාර්ථක වුවහොත් ආර්ථික වශයෙන් ඉතාමත් ලාබදායී ඒ වගේම පාරිසරික හානිය අවම වන ක්රනවේදයකට මෙය සිදු කල හැකි වන බව දිස්නක දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.