කඹුරුමුල්ල ප්‍රදේශයේ ඊයේ (21) අලුයම කාලයේදී නිවසක පිටුපස ඇති වැලි ඉවත් කිරීමෙන් පසු ජලය එකතු වු වලකට වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 37 ක් වු කඹුරුමුල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි බවයි. ඔහු මානසික රෝගයකින් හා අපස්මාර රෝගයෙන් පෙලෙමින් සිට ඇති අයෙකු බවයි.
ඔහු සිය නිවස පිටුපස තිබු අඩි 05 ක් පමණ ගැඹුරු ජලය එකතු වු වලට වැටී සිටියදී ඔහුගේ පියා විසින් දැක වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි.
මොවුන් විදේශ රටක පදිංචිව සිට මිය ගිය පුත්‍රයාගේ අසනීප තත්ත්වය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මෙරටට පැමිණ ඇති බව අනාවරණ වි ඇති බව පොලිසිය පවසයි.
මෘත ශරීරය පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය හා හදිසි මරණ පරික්ෂණය වාලච්චේන රෝහලේදී සිදු කර ඇති අතර මෙය දියේ ගිලිමකින් සිදු වු මරණයක් බවට අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් තහවුරු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාලච්චේන පොලිසිය මඟීන් සිදු කරනු ඇත.