අනුරාධපුර, මහඉලුප්පල්ලම පිහිටි රජයට අයත් ක්ෂ්‍රේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීරණය මහජන මුදල් කාබාසීනියා කරන ආයතන බවට පත් කර ස්වාභාවිකව මරණයට පත් කර ඇති බව ජාතික ගොවි ජන එකමුතුව චෝදනා කරයි.
මහඉලුප්පල්ලම රජයේ ක්ෂ්‍රේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ඇතුළු කෘෂි සංකීරණය නිරීක්ෂණය කරමින් ඔවුන් මේ බව පැවසීය.
ක්ෂ්‍රේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය (උප ඒකකය), බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන ගොවිපළ, කාළගුණ විදයා දෙපාර්තමේන්තු උප කාර්යාලය ඇතුළු කෘෂි සංකීරණය මහඉලුල්පල්ලම නගරයේ පිහිටා ඇත.මෙම ආයතනය කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන්නකි. ජාතික ගොවිජන එකමුතුවේ නිළධාරීන් පිරිසක් හා සත්ව නිෂ්පාදන එකමුතුවේ නිළධාරීන් පිරිසක් ඊයේ (19) පස්වරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
එහිදී ඔවුන් ගොවිපළ භූමි, සත්ත්ව පාලන අංශය ඇතුළු ස්ථාන රැසක් නිරීක්ෂණය කළ අතර, එහි සේවකයින් සමඟද ආයතනයේ තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කරනු ලැබීය.
ඒ අවස්ථාවේදී එහි පැමිණි ආරක්ෂක නිළධාරීන් යැයි පැවසූ පිරිසක් මාධ්‍යවේදීන්ට හා ජාතික ගොවිජන එකමුතුවේ පිරිසට කියා සිටියේ ඡායා රූපගැනීම සිදු නොකරන ලෙසයි. ගොවිපළ කළමණාකරු මෙහි ඡායා රූප ගැනීමට නොදෙන ලෙස පැවසූ බව එම නිළධාරීන් පැවසීය.එවිට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති කියා සිටියේ මේවා රජයේදේවල්, මේවායේරහස් දේවල් තියෙන්න බෑ, ගොවිපළ කළමණාකරුට එන්න කියන්න අපිව හම්බෙන්න කියලා යැයි පැවසීය.
අනතුරුව ගොවිපළ කළමණාකරු දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වී ජාතික ගොවිජන එකමුතුවේ සභාපති හා සම්බන්ධ වූ අතර, එහිදී ජාතිකගොවි ජන එකමුතුවේ සභාපතිවරයා විමසා සිටියේ අපිට මේක බලන්න බැරිද? ඔබතුමා මෙතන්ට එන්න අපිට මේක පෙන්වන්න.අපි මේකේ කිසි දෙයක් හොරකම් කරන්න ආවේ නෑ, අපි මේක බලන්න ආවේ.
එහිදී ගොවිපළ කළමණාකරු කියා සිටියේ- ආයතන ප්‍රධානියාගෙන් අවසර අරගෙන එන්න, එතකොට බලන්න පුලුවන් යැයි
මේවා මුඩු බිම්, මේවා රටට ජනතාවට අනාවරණය කරන්න ඕන, මේවා මහජන මුදල්, මේවා අනාවරණය වෙන නිසාද බලන්න එපා කියන්නේ, අපි ඔබතුමාට බය නෑ, අපි මේක කරනවා.යැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිවරයා පැවසීය.
එ අනුව ඔවුන් ගොවිපළ භූමිය නිරීක්ෂණය කළහ, ගොවිපල භූමියේ වැටවල් වන අලින් කඩා ඇති අයුරු, ඵළ නොදරන පොල්, අඹ ගස් හා වගා නොකර කැලෑවට යට වූ වගා බිම්, වගා වන් සිදු නොකර විනාශ වෙමින් යන දැල් ගෘහ, වසර ගණනකින් ප්‍රථිසංස්කරණය නොකිරීම නිසා ගරා වැටෙමින් පවතින සේවක නිළ නිවාසයන් දැක ගත හැකි විය.
නිරීක්ෂණයෙන් අනතුරුව ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,
අද අපි ලංකාවේ ප්‍රධානම ගොවිපළක් වන මහඉලුප්පල්ම ගොවිපළ නිරීක්ෂණය කළා, කියන්න කණගාටුයි මේක තමයි කෘෂිකර්මයේ හදවත, බීජ පර්යේෂණ ආයතන, භෝග පර්යේෂණ ආයතන, ක්ෂ්‍රේත්‍ර භෝග පර්යේෂණ ඇතුළු සියලු දේවල් මෙතන කරනවා, පේරාදෙනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ උප විශ්ව විද්‍යාලයකුත් මෙහි තියෙනවා.පටන් ගන්නේම මානා, ඉලුක් වැවිලා තියෙන ස්ථානයකින් පටන් ගන්නේ, අපි ගොවිපළ භූමිය පුරා සංචාරය කළා, අපිට දැනගන්න ලැබුණ විදිහට අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා, දැන් ඒ සම්පූර්ණ ප්‍රමාණයම නැතත්, ගොඩනැගිලි සම්පූර්ණයෙන් ගරා වැටිලා, වගා කරන භූමි ප්‍රමාණය ගත්තාම බොහෝම සුළු ප්‍රමාණයක් තමයි වගා කරලා තියෙන්නේ, අඩමු ගණනේ අපි දැක්කේ නෑ අක්කර 50 ක්වත් වගා කරලා තියෙනවා.මේ ආයතනයේ සේවය කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයට අදාළ නිළධාරීන් රටටම කියනවා වගා කරන්න කියලා හැබැයි මේකේ වගා කරලා නෑ,බීජ පර්යේෂණ භූමි, බීජ ගොවිපළවල් අපි දැක්කේ නෑ,ඒ නිසා මේ පිළිබඳව අදාළ වගකිවයුත්තන්ගේ අවධානය යොමු වෙන්න ඕන, මේ ආයතන මුදල් කාබාසීනියා කරන ආයන බවට පත් වෙලා තියෙනවා.මහඉලුප්පල්ම ගොවිපළ ගැන අපි කුඩා කාළයේ දැක්කේ, කෘෂිකර්මයේ හදවත හැටියට, මේ කෘෂිකර්මයේ හදවත, අද වන විට ස්වාභාවික මරණයට පත් කරලා ඉවරයි. ඒකට හිටපු කෘෂිකර්ම ඇමතිවරු, අමාත්‍යංශ ලේකම්වරු හා මේ ආයතනයේ සිටින වගකිවයුතු නිළධාරීන් සියලු දෙනා වගකියන්න ඕන.ඒ නිසා මේක මහජන මුදල් කාබාසීනියා කරන තවත් ගොවිපලක් බවට පත් වෙලා තියෙනවා.මේ දින වල අවට අඹ ගස් වල ගෙඩි තියෙනවා, මේ භූමියේ අඹගස් වල ගෙඩි නෑ, හරක් 200 ක් විතර ඉන්නවා කිරී ලීටර 40 ක් විතර ගන්නේ, කුකුල්ලු නෑ, ආදර්ශ වගාවන් මොනවත් නෑ, අපි ඇහැට දැක්කේ නෑ මේ භූමියේ මී මැසි පෙට්ටියක් තියෙනවා.අපි කියන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයට අනුබද්ධ මේ ආයතන වැඩක් නෑ, මේවා මරණයට පත් වෙලා අවසන්, නිළධාරීන් නිකං ඉඳලා පඩි ගන්න ආයතන බවට පත් වෙලා ඉවරයි.සේවක නිළ නිවාස 200 කට වැඩි ප්‍රමාණයක් විනාශ වෙලා සම්පූර්ණයෙන් පොළවට සමතලා වෙන්න ආසන්නයි.අද බීජ ගේන්නේ පිටරටින්, අපිට හිතෙනවා මේ ආයතන වල වැඩ කරන ඉහළ නිළධාරීන් බීජ ගෙන්වන ආයතන වල අලෙවි ප්‍රවර්ධන නිළධාරීන්ද කියලත් අපිට හිතනවා.දැල් ගෘහ විශාල ප්‍රමාණයක් මෙහි තියෙනවා, ඒවා සියල්ලම කැලේට වැහිලා.එවායේ වගාවන් කරලා නෑ, මේ දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම ඇමතිවරු හිටියා, ආණ්ඩුවේ වගකීම් භාර ප්‍රධාන ඇමතිවරු විදිහට එස්.එම් චන්ද්‍රසේන, දුමින්ද දිසානායක වගේ අය හිටියා හැබැයි මේවා ගැන අවධානයක් යොමු වෙලා නෑ,අපි එදා දැක්කේ එම්.අයි 1, එම්.අයි 2 මිරිස් බීජ හැබැයි අද පිටරටින් බීජ ගෙන්වන්නේ, ඔය ඇමතිවරු ඇවිල්ලා නිළධාරීන් දෙන කේක් කෑල්ල කාලා, තේ එක බීලා යන්න නෙමෙයි, මේ ගොවිපලේ ඇවිදින්න, මේවා නිරීක්ෂණය කරන්න කොළඹ ශීත කාමර වලට වෙලා ටයි -කෝට් දාගෙන, හැදි ගෑරුප්පු වලින් කකා ඉන්නේ නැතිව ඇවිත් මේවා බලන්න.මේවා මහජන මුදල් කාබාසීනියා කරන ආයතන හැබැයි එහෙම කියලා විදේශ සමාගම් වලට, පුද්ගලික ආයතන වලට මේවා විකුණන එක නෙමෙයි වැඩේ, මේවා ප්‍රථිසමාලෝචන කරලා මේ ආයතන ගොඩ නැගිය හැකියි.
මෙහි ගොවිපළ කළමණාකරු අපි මේක නිරීක්ෂණයට පැමිණියහම මේකේ ජායා රූප ගන්නවා කියලා පොලීසිය කැදෙව්වා, ඒවාට අපි භය නෑ,කියන්න කණගාටුයි මේ ආයතනයේ කිසිම නිළධාරීයෙක් ආවේ නෑ, ආරක්ෂක අංශයට ඒ අය දුරකථන ඇමතුම් මගින් දැනුම් දුන්නා අපිට මේක නිරීක්ෂණය කරන්න දෙන්න එපා අපිව යවන්න කියලා.ඒ ගොල්ල වැඩ නොකරන එක රටට පෙන්වනවාට විරුද්ධවයි ඒ අය ඒ කටයුතු කලේ, රටේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු සල්ලි වලින් තමයි මේ නිළධාරීන් වැටුප් ගන්නේ, කෘෂිකර්මාන්තය නගා සිටුවන්න මේ ගොවිපළවල් වලින් වැඩක් වෙන්නේ නැත්නම් මේ ගොවිපළවල් වල ඉන්න නිළධාරීන් එළවලා දාන්න ඕන, වැඩ නොකරන, ආකාර්යක්ෂම නිළධාරීන් ගහලා පන්වන්න පටන් ගමු කියලා අපි ගොවීන්ට කියනවා.
ජාතික ගොවිජන එකමුතුවේ උප සභාපති, එච්.එම් උපාලි ඒකනායක මහතා,
අද මහඉලුප්පල්ලම ගොවිපළ අද අපි නිරීක්ෂණය කළාම ගොවියෝ හැටියට අපිට කඳුලු එනවා, ඇත්තටම අනාගත පරම්පරාවට හිමිකම් තියෙන වටිනා ස්ථානයක් හිස් බිමක් බවට, ගරා වැටිච්ච නගරයක් බවට පත් කරලා තියෙනවා.මේ ස්ථානය දියුණු කරලා ලංකාවට අවශ්‍යය බීජ නිෂ්පාදනය කළ හැකියි.නමුත් මේ තැන් කඩා වට්ටලා පිටරටින් බීජ ගෙන්වන කුමන්ත්‍රණ වලට තමයි මේ සෘජුව හා වක්‍රව කටයුතු කරන්නේ.ලංකාවට විදේශ විනිමය නෑ කියනවා නමුත් අද වන විට බිලියන 700-800 ක් වියදම් කරනවා ලංකාවට අවශ්‍ය බීජ ගෙන්වන්න.මේ ඉලුප්පල්ලම ආයතන සුදු අලි.මේවායේ පරිපාලනය වෙනස් කළ යුතුයි.මේ ආයතනය හරහා ගොවියෝ පුහුණු කරන්නේ නෑ, පාසල් දරුවන්ට බලන්න දෙයක් මෙහි නෑ, මේ අපි කියන දේ බලලා හිනා වෙන්න නෙමෙයි, ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමති විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 ම මේ ගැන හොයලා බලන්න.ඉදිරි සතියේ එන්න මහඉලුප්ලමට, අපිටත් ආරාධනා කරන්න අපි පෙන්වලා දෙන්නම් අඩුපාඩු.මේ ආයතන දියුණු වුණා නම් මේ අවට නගරය, අවට ජනපද දියුණු වෙනවා.මේ රට බත බුලතින් සංවර්ධනය කරන්න නම් පළමුව මේ ආයතන වලින් එය පටන් ගත යුතුයි.ඉදිරි සති දෙක තුන තුළ මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් නොගත හොත් අපි ගොවීන් සමඟ ඇවිත් මේවා ජනතාවට පෙන්වා දෙනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මයට සම්බන්ධව පී හැරිසන්, දුමින්ද දිසානායක, එස්.එම් චන්ද්‍රසේන වගේ ඇමතිවරු හිටියා, මේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඔවුන්ගෙන් සේවයක් වෙලා නෑ,මෝඩ මූසල මිනිස්සු ටිකකට කතිරය ගහපු එකේ ප්‍රථිපල අපි අද විදිනවා.
මේ ආයතන තිබ්බට අලුත් බීජ ප්‍රබේද හොයාගෙන නෑ, පරණ තිබුණ එම්.අයි 1, එම්.අයි 2 මිරිස් ප්‍රභේදයම තමා තාමත් කියන්නේ, මේක වටේ ඇවිද්දාම තියෙන්නේ එම්.අයි 2 මානා, එම්.අයි 2 මාරා, එම්.අයි 3 තේක්ක. අඹ ගහක ගෙඩියක් නෑ, අවුරුදු ගණනකින් අඹ ගහක් කප්පාදු කරලා නෑ, මේවායෙන් පඩි ගන්න අය මේ රටට බරක්, අපිත් ආරාධනා කරන්නේ ගොවි මහත්වරුන්ට මේ වෙනුවෙන් හඩක් නගමු කියලා.
සත්ත්ව නිෂ්පාදන එකමුතුවේ කැඳවුම්කරු, සුජීව ධම්මික මහතා,
ඇත්තටම මේ ආයතන වලට කේදනීය ඉරනමක් තියෙන්නේ, සත්ව පාලන අංශය කඩා වැටීමට ලක් වෙලා තියෙනවා.කිරි වලට ඇමතිලා, බිත්තර වලට ඇමතිලා ඉන්නවා, හැබැයි එහෙම ඉඳලත් අද රටේ මේ තත්වය අන්තිම කණගාටුදායකයි.මේ අක්කර ගණනක වපසරියේ බඩඉරඟු වගා කරන්න හිතලාවත් නෑ, සතුන්ට ආහාර හිඟයක් තියෙනවා. මෙහි ඉන්නේ කැහැටු වුණ හරක් ටිකක් පමණයි. සත්ත්ව පාලනය කියන්නේ මහා පුලුල් විෂයක්, එළුවෝ බැටලුවෝ, මී මැසි පාලනය මෙහි කලින් තිබුණත් දැන් ඒ සත්තු නෑ, කියන්න කණගාටුයි නිළ නිවාස 250ක් පමණ නිළ නිවාස අබලන් වෙලා තියෙනවා.මේ නිළ නිවාස ප්‍රථිසංස්කරණ කරලා මේ ආයතන දියුණු කරන්න වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ ඇයි, මේවා මෙහෙම ගරා වැටෙන්න ඇරලා මේවා විදේශ සමාගම් වලට විකුණා දැමීමටද මේ පාර කපන්නේ කියලා අපි අහන්න කැමතියි.
මහඉලුප්පල්ලම රජයේ බීජ ගොවිපලේ අධ්‍යක්ෂ කේ. එන්. සී. ගුණවර්ධන මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහත්මිය කියා සිටියේ,
තවම අපි මාස් කාන්නයට වගා කරලා නෑ,ඒකයි කිසිම වගාවක් තාම නැත්තේ, වගා කළ හැකි අක්කර 175 ක භූමිය අපි වගා කරනවා, ගොඩනැගිලිත් එක්ක තමයි සම්පූර්ණ අක්කර 800ක් මෙහි තියෙන්නේ, අපිට නිළධාරීන් හිගයක් තියෙනවා, අවුරුදු 10 කින් නිළධාරීන් බඳවාගෙන නෑ, එහෙම තියෙද්දී අපි මේ ආයතනය බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ, ඒ වගේම නිළ නිවාස වසර ගණනක් භාවිත නොකළ නිසා හානි වෙලා තියෙනවා.කොටසක් කඩා ඉවත් කළා, කොටසක පදිංචියි, භාවිත කිරීමට නොහැකි නිවාස තවත් 30 ක් විතර තියෙනවා.ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව තමයි තීරණ ගන්නේ.
මට ආරංචි වුණා කට්ටියක් ඇවිත් ෆොටෝ ගහගෙන ගියා කියාලා, ඒ අය නොදැන තේරුමක් නැතිව කරන චෝදනා වලට උත්තර දෙන්න අවශ්‍ය නෑ කියලා මම හිතනවා.අපි නව බීජ ප්‍රභේද රැසක් හදුන්වලා දීලා තියෙනවා, බඩඉරඟු, උදු, මුං ඇට, ළූණූ වගේ දේවල් හදනවා.මේ අය මේ විදිහට මොන අරමුණින් චෝදනා කරනවාද කියලා අපි දන්නේ නෑ, අපි වගා කරන්නේ නෑ කියලා මේ ඉඩම් ගන්නද දන්නේ නෑ මේ හදන්නේ, මෙතෙක් කල් වගා නොකළ අක්කර 25 ක් අපි තල හා බඩඉරඟු වගා කරන්නත් ආරම්භ කරලා තියෙනවා යැයි පැවසීය.
තිසර සමල් – අනුරාධපුර