රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම යන පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීමට මේ වනවිට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව එක සභාපතිවරයෙක් හා එක අධ්යක්ෂ මණ්ඩලයක් යටතේ ඉදිරියේ දී රජයට අයත් මෙම පොහොර සමාගම් දෙක එක් සමාගමක් වශයෙන් කටයුතු කිරීමට නියමිතය.
මින්පෙර සභාපතිවරු දෙදෙනෙක් යටතේ හා අධ්යක්ෂ මණ්ඩල දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම සමාගම් දෙක මේ වනවිට එක් සභාපතිවරයෙක් යටතට පත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගෙන ඇත.
එකම විෂයයක් යටතේ බෙදී පවතින ආයතන ඒකාබද්ධ කිරීම මගින් මහජන මුදල් නාස්ති වීම අවම කිරීමටත්, ඒ ඒ ආයතනවල ලාභය උපරිම කිරීම සඳහාත් මෙම ආයතන ඒකාබද්ධ කිරීම මගින් අපේක්ෂිතය.
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති එකම විෂයක් යටතේ ඇති වෙනත් ආයතන ගණනාවක් ඉදිරියේ දී ඒකාබද්ධ කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක ඉදිරියේ දී State Fertilizer Corporation යන නාමයෙන් හැඳීන්වීමට බොහෝ විට ඉඩකඩ ඇතැයි මේ වනවිට එම සමාගම් දෙකේ සභාපති ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය.