ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වන අතර ජයග්‍රහණය පරාජය ප්‍රශ්නයක් නොව ප්රජාතන්ත්රවාදි ලෙස මැතිවරණය පැවැත්වීම අනිවාර්යය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා, “නොවැම්බර් මාසයේ 13 වන කොට 2024 වර්ෂයේ අයවැය යෝජනාවලිය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ අයවැය යෝජනාවලි දිහා බලලා ඒ අයවැය යෝජනාවලියෙන් රටේ අමාරුවෙන් ජිවත්වෙන ජනතාව වෙනුවෙන් මොනයම් හෝ සහන ලබාදීම සම්බන්ධයෙන් දැඩි අවදානයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට මේ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් යොමු කරනවා. මේ වත්මන් තත්වය වන කොට විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් ජනතාව ඉතාම අසිරුතාවයකට පත්වෙලා තිබෙනවා. ජනතාව විතරක් නොවේ අපි නොදැනුවත්ම රටේ ආර්ථිකයට ද බලපානවා. සුළු පරිමාණයේ කර්මාන්තකරුවෝ, මහා පරිමාණයේ කර්මාන්තකරුවෝ, ස්වයං රැකියාවක නියැලෙන පුද්ගලයන් සිටිනවා. ඒ පිරිසගේ විදුලිබිල සාමාන්‍යයෙන් සියයට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබෙනවා. මෙය මහා භයානක තත්වයක්. ඒ වගේම ගෘහස්ථව සිටින ජනතාවට මේ විදුලිබිල විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අපි පැහැදිලිව දකින්නේ රජයක් හැටියට මේ විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් ගන්නාවූ තීන්දු තීරණ ගැනීමේදී රජයක් හැටියට මොනයම් හෝ වෙන ක්‍රමවේදයක් බැලිය යුතුයි. අපි පක්ෂයක් හැටියටත් යෝජනා කරනවා. මේ අයවැය යෝජනාව ඉදිරිපත් කළ පසු ජනාධිපතිතුමා සමඟ සහ කැබිනට් මණ්ඩලයත් සමඟත් පක්ෂයක් විදිහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධව. IMF එක කියන විදිහට මේ සියල්ලම කරන්න ගියොත් අවසානයේ අපිට ණය ලැබෙනකොට රටේ ජනතාව බාගෙට මැරිලා තියෙයි. අවසානයේ ණය ගේනකොට ජනතාව භාගෙට මරලා රටත් මරලා IMF එක අරගෙන වැඩක් නැහැ. ඒ නිසා අපි දැනගන්න වෙනවා IMF එක කියන කොන්දේසි ඔක්කෝම සපුරලා රටේ ජනතාව භාගෙට මරලා රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලි ලෙස අපි කියන්නේ රජයක් හැටියට මේ අයවැයෙන් ජනතාවට සහන ලබාදෙන්න. ඉගියක් දැනෙනවා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිවෙනවා කියලා. රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩිවෙනවා නම් හොඳයි. නමුත් මේ පඩි වැඩිකිරීම හිතනවනම් මෙය තමයි පිළිතුර කියලා නමුත් අපිට තිබෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකර ගන්න ක්‍රමයක් තිබෙනවා නම් ඒ වගේම රටට ආදායම් එකතු කිරීම් පිළිබඳව සලකා බලන්න ඕන. නව ක්‍රමවේදයන් හොයාගන්න වෙනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න නම් සංචාරක ක්ෂේත්රය කෙරෙහි වැඩියෙන් හිතන්න වෙනවා. මේ සංචාරක ව්‍යාපාරය, අපනයන ක්ෂේත්රය , කෘෂිකර්ම ක්ෂේත්රය වැනි මේ වගේ දේවල් වැඩිදියුණු කරන්න අපි කටයුතු කරන්න වෙයි. ඒ වගේම 2024 මේ අයවැයෙන් පසු 2024 වර්ෂය මැතිවරණ වර්ෂයක්. අනිවාර්යයෙන් මේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති මැතිවරණයක් පැවැත්විය යුතුයි. ඒ වගේම කල්දාපු පළාත් පාලන මැතිවරණය තිබෙනවා. මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා තිබෙනවා දහස් සංඛ්‍යාත ගණනාවක්. මේ සමස්ථ අපේක්ෂකයන්ට මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. කරුණාකරලා අපි රජයට කියනවා මේ මැතිවරණ තියන්නේ නැතිනම් මේ නාමයෝජනා අහෝසි කරලා දමන්න. මේ මිනිස්සුන්ට නිදහසේ ඔවුන්ට කැමති විදිහට ඔවුන්ට වැඩකරන්න ඉඩදෙන්න. නැතිනම් ලබන අවුරුද්දේ ජනාධිපතිවරණය, නැතිනම් ඒදා යහපාලන ආණ්ඩුව කාලයේ කල්දැමු පළාත් සභා ඡන්දය අනිවාර්යයෙන් තියන්න. මේ අවස්ථාවේ අපි පෞද්ගලිකව හිතනවා නියමිත කාලයට ජනතාවට මේ තීන්දුව දුන්නොත් හොඳයි කාවද අපේ රටේ ජනාධිපතිවරයා, කවුද ආණ්ඩුව බවට පත් කරන්නේ කියලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ලැස්තියි ඒ මැතිවරණවලට ඉදිරිපත් වෙන්න. ජයග්‍රහණය පරාජය කරන එක නොවේ අපිට ප්රශ්නය තිබෙන්නේ. ප්රජාතන්ත්රවාදි ලෙස මැතිවරණය පැවැත්විය යුතුයි. අපි බොහෝම පැහැදිලිව රජයට කියනවා 2024 ජනතාවට භාරදෙමු කාවද මේ රට භාරගන් පුළුවන් භාර දෙන්න පුළුවන් කියලා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදි සඳහන් කළේ ය.