• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home Uncategorised

ග්‍රාමීය මට්ටමේ සිටින ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ක්‍රීඩක ක්‍රිඩිකාවන් හඳුනා ගැනීමේ වැඩසටහනක් – ඇමැති නාමල්

5 December 2021
in Uncategorised
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩා දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ග්‍රාමීය මට්ටමින් බිහිවන නමුත්, ඔවුන්ගේ දක්ෂතා හඳුනාගැනීමටත්, සංවර්ධනය කිරීමටත් සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම තුළ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගකාරි ක්‍රීඩාවෙන් ඉදිරියට යාමක් සිදු නොවන බව නිරික්ෂණය වී ඇති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව දිවයිනපුරා විසිර සිටින සහජ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් දරු දැරියන් හඳුනාගනිමින්, විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගනිමින් ‘ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන’ (Talent Identification Programme) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබයි. මෙය අදියර තුනකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (04) දින පැවති ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන (Talent Identification Programme) පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේ දීය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී දක්ෂතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් කුමන වයස් සීමාවක වුවද ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සිදු කළ හැකි අතර ආබාධ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වේ.

01 වන අදියර
මෙහිදී ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩක ක්‍රීඩාකාවන් සහ ක්‍රීඩාවේ නියුතු ප්‍රවීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සිදුවේ. මේ සඳහා ග්‍රාම නිලධාරි, සමෘද්ධි නිලධාරි, කෘෂි පර්යේෂණ නිලධාරි සහ සංවර්ධන නිලධාරි සේවාවන් හි ඒ ඒ ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ දායකත්වය ලබාගැනේ.

02 වන අදියර
ග්‍රාම නිලධාරි කොට්ටාස මට්ටමින් හඳුනාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රාදේශීය ලේකම්ගේ ප්‍රධානත්වයෙන්, පළාත් සභා ක්‍රීඩා නිලධාරි, තරුණ සේවා නිලධාරි, ගුරු උපදේශක (ක්‍රීඩා) යන නිලධාරින්ගේ සහය ඇතිව මූලික යෝග්‍යතා පරීක්ෂණයක් සහ ක්‍රීඩාව අනුව විශේෂිත ශිල්පීය ක්‍රම සම්බන්ධව පරීක්ෂා කර උපරිම දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සිදු කරනු ලැබේ.
අදාළ පරීක්ෂණ වලින් තෝරා ගනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිතගත කර ක්‍රීඩා පුහුණුකරුවන්, ක්‍රීඩා නිලධාරි, ක්‍රීඩා ගුරුවරුන් සහ ස්වෙච්ඡා පුහුණුකරුවන් මගින් ක්‍රීඩාවන් අනුව විධිමත් පුහුණුවක් ලබාදිම දෙවන අදියරේ දි සිදුවේ.

පාසල් අධ්‍යාපනය ලබන සුවිශේෂි දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගනු ලැබුවහොත් එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අදාළ ප්‍රදේශයට ආසන්නව ම පිහිටා ඇති ක්‍රීඩා පාසල වෙත යොමු කර ක්‍රමානුකූල විධිමත් පුහුණුවක් ලබාදීම අපේක්ෂා කරනු ලැබේ.
එමෙන්ම ප්‍රාදේශීය මට්ටමේ දී හඳුනාගන්නා සුවිශේෂි දක්ෂතා පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් සංචිතය වෙත යොමු කර පුහුණුව ලබාදීම සිදු කරනු ලැබේ.

3 වන අදියර
මෙහිදී දිස්ත්‍රික් පුහුණුකරුවන් (පළාත් සහ ක්‍රීඩා දෙපාර්තමේන්තු) , දිස්ත්‍රික් ක්‍රීඩා සංගම්වල පුහුණුකරුවන් සහ සුදුසුකම්ලත් ස්වෙච්ඡා පුහුණුකරුවන්ගේ සහය ලබාගනිමින් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මගින් දිස්ත්‍රික් සංචිත සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ක්‍රීඩාවට අදාළ පුහුණුකරුවන් උපයෝගී කරගනිමින් වසර 02ක සැලසුමකට අනුව අඛණ්ඩ පුහුණුවක් ලබාදීම සිදු කරනු ලැබේ.
ලබාදෙන අයදුම් පත්‍රය අනුව මේ යටතේ හඳුනාගනු ලබන සුවිශේෂි දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කරගැනීම සිදුකරනු ලබයි.
මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය 2021-12-11 දින ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

 

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 3
Previous Post

එක් රටක අහිතකර දේ අවසානයේ මුළු ලෝකයටම බලපෑමක් ඇති වුනා – ජනපති

Next Post

මාතලේ මහ රෝහලේ ඔක්සිජන් නල පද්ධතිය පොදු ජන අයිතියට පත් කිරිම

editor

editor

Next Post

මාතලේ මහ රෝහලේ ඔක්සිජන් නල පද්ධතිය පොදු ජන අයිතියට පත් කිරිම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
වාහන මිලට වෙච්ච දේ ?

වාහන මිලට වෙච්ච දේ ?

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved