• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home විශේෂාංග

ශ්‍රී ලංකාවට ආවේනික, දුර්ලභ නෙළු ශාක විශේෂයක් වලල්ලාවිටදී සොයාගනියි

15 November 2021
in විශේෂාංග
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක්‌ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙළු ශාක විශේෂය 1867 වර්ෂයේදී මධ්‍යම පළාත තුල සහ 1971 වර්ෂයේදී අවසන් වරට කළුතර දිස්ත්‍රික්කයේ රන්වල කැලේ රක්ෂිතය තුලින් වාර්ථා වී ඇති බවට පර්යේෂණ සටහන් තුල සඳහන් වී ඇතත් සජීවී නිදර්ශක පවතින ස්ථානයක් සොයා ගැනීමට නොහැකිව පැවති ශාක විශේෂයක් වේ.

මෙම ශාක විශේෂය මෙරට වෙනත් කිසිඳු ස්ථානයකින් වාර්තා නොවීම නිසා පර්යේෂණ සටහන් තුලට පමණක් සීමා වූ ශාක විශේෂයක් ලෙස හඳුනා ගෙන තිබුනද ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනයෙහි නිරත පරිසර ගවේශකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් මෙම ශාකය වලල්ලාවිට ප්‍රදේශයේදී සොයා ගැනීමෙන් පසුව ශාක විශේෂ පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ මහතා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ශාක විශේෂ පිළිබඳ පර්යේෂණයේ යෙදෙන රේණුකා නිලන්ති රාජපක්ෂ මහත්මිය සහ නුවන් චතුරංග ජයවර්ධන මහතා යන පර්යේෂණ කණ්ඩාම විසින් සිදු කල නිරීක්ෂණ මගින් මෙම නෙළු ශාක විශේෂය Strobilanthes rhytisperma බව තහවුරු කරන ලදි.

හෙළ බසින් මෙම ශාක විශේෂය හඳුන්වන නාමයක් තවමත් නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වී තිබෙන අතර මෙරටට ආවේණික ශාකයක් බැවින් ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවකින් හඳුන්වන නාමයක්ද මෙම ශාක විශේෂය සඳහා නොමැති අතර Strobilanthes rhytisperma යන විද්‍යාත්මක නාමයෙන් නම්කොට තිබේ. විද්‍යාත්මක වර්ගීකරණය සැලකීමේදී ශාක රාජධානියේ Tracheophytes පන්තියට අයත් Lamiales ගෝත්‍රයේ Acanthaceae පවුලට අයත් Strobilanthes ගණයේ S. rhytisperma යන විශේෂයට අයත්වේ.

පොදුවේ නෙළු යන නාමයෙන් හඳුන්වන Strobilanthes ගණයට අයත් විශේෂ 450ක්‌ ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික සහ ඕස්ට්‍රේලියනු කලාපවලින් වාර්තා වී තිබේ.

මේ අතරින් ශ්‍රී ලංකාවෙන් විශේෂ 33ක සංඛ්‍යාවක් වාර්තා වන අතර ඉන් විශේෂ 27ක්‌ ම මෙරටට ආවේනික විශේෂයන් වේ. මෙතෙක් සිදුකළ පර්යේෂණයන් සඳහා සජීවී ශාක නිදර්ශක හමුනොවුනත් අතීතයේදී මෙම ශාක විශේෂය මීට වඩා පුළුල් ව්‍යාප්තියක් දක්වන්නට ඇති බව පර්යේෂකයන් විශ්වාස කරන අතර මෙම නව සොයා ගැනීමත් සමග එම සාක්ෂි තහවුරු කිරීමටද හැකිවී තිබේ. පර්යේෂණ සටහන් අනුව මෙම ශාක විශේෂය වාර්තා වූයේ වසර 50 පමණ පසු බවද සඳහන් කල හැකිය. 2020 රතු දත්ත ලේඛනයට අනුව දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස මෙම ශාක විශේෂය නම් කර ඇත. විවිධ වගාවන් හා මිනිස්‌ වාසය සඳහා භූමිය හෙළි පෙහෙළි කිරීමේ දී මේ ශාක විශේෂයට වාසස්‌ථාන අහිමි වී ඇති අතර ඉදිරියේ දී වනවැස්‌ම සීඝ්‍රයෙන් ක්‌ෂය වීමත් සමග මෙය තවදුරටත් අනතුරට පත් වනු ඇතැයි පර්යේෂකයෝ පුරෝකථනය කරති.

මෙම ශාකය සොයාගත් වනාන්තර පද්ධතියද සිංහරාජය කන්නෙලිය වැනි පහතරට තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ වලින් යුත් මානව ජනාවාස අතර පවතින කුඩා වනබිමකි. අතිශය දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ රැසක් වාසය කරන මෙම කුඩා වනාන්තර පද්ධති පිළිබඳ මෙතෙක් විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර නොමැති අතර එවැනි විධිමත් අධ්‍යයනයක් සිදුකල හැකි නම් මෙතෙක් හඳුනා නොගත් ජීවී විශේෂ රැසක් හඳුනා ගත හැකි වන බවට විශ්වාස කෙරේ. ඒ මගින් මෙවැනි විශාල වටිනාකමක් සහිත දුර්ලභ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීමට මෙන්ම මෙම ජීව විශේෂ අනාගත ලෝකයට උරුම කර දීමට හැකි වනු ඇත.

 

පිටපත – පේශල පසන් කරුණාරත්න

Post Views: 33
Previous Post

රිය අනතුරු අවම කිරීම සදහා අන්තර්පළාත් බස්රථ රියදුරන්ට දෙසතියක පුහුණුවක් ළගදීම

Next Post

පදවිය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට නව නිල නිවාස සංකීර්ණයක්

editor

editor

Next Post

පදවිය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට නව නිල නිවාස සංකීර්ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved