• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අන්තර්ජාල නැතිව ගස් ගල් උඩ නගින දරුවන්ට ඇමැති නාමල්ගෙන් විසදුමක්

22 June 2021
in දේශීය

සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

පාසලක්, මහින්දෝදය විද්‍යාගාරයක්, නැණසලක්, ආගමික ස්ථානයක්, ප්‍රජා ශාලවක් හෝ පුස්තකාලයක් හෝ පෞද්ගලික අංශයේ ධානපතියෙක් මැදිහත්ව ලබාදෙන මධ්‍යස්ථානයක් තුළ පරිගණක හෝ ටැබ් උපරිම 10ක් සහිතව මෙම ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය.

අදාළ මධ්‍යස්ථාන ඔස්සේ උදෑසන සිට සවස්වනතුරු e-තක්සලාව හරහා අධ්‍යාපනය හැදෑරීමේ අවකාශය දරුවන්ට ලබාදෙන බව කියා සිටි අමාත්‍යවරයා එම දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනයට වියදම්වන දත්ත සඳහා වැයවන මුදල් රජය විසින් දරණ බව පැවසීය.

e-තක්සලාව මේ වනවිටත් සියයට සියයක් අන්තර්ජාල දත්ත ගාස්තුවලින් ඉවත්කර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාවේ ඕනෑම තැනක සිටින දරුවෙකුට e-තක්සලාව ඔස්සේ කිසිම වියදමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව පැවසීය.

ඒ අනුව පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සන්නිවේදන පහසුකම් සැපයීම සහ දුෂ්කරතා ඉවත්කිරීමේ කෙටි හා මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

වසර දෙකක් ඇතුළත රට පුරා සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් එක් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

යාවත්කාලීන නොකිරීම නිසා ඇතිව තිබෙන රික්තක වලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුලුනු ඉදිකිරීමට පසුගිය කාල සීමාව තුළ දී එක් එක් සමාගම්වල අවශ්‍යතාවයට අනුව පමණක් අවසර ලබා දී ඇති නිසා බව අමාත්‍යවරයා හෙළි කළේය.

2021 ජුනි මාසයේ සිට වීඩියෝ කොම්පරන්ස් පහසුකම e-තක්සලාව හරහා නොමිලේ ලබා දෙන බව අනාවරණය කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් (LMS) ජුනි 25 වැනිදා සිට පාසල් 20කින් ආරම්භ කරන බව පැවසීය.

මීළඟ වසර 2ක ඇතුළත මෙරට පාසල් 10000කට වැඩි සංඛ්‍යාවක් 4G වලින් ආවරණය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී හෙළි කළේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහත්වරු සහ සූම් (Zoom) යෙදුම ඔස්සේ එක්වූ මාධ්‍යවේදී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

 

 

Namal Rajapaksa, Minister of Youth and Sports and State Minister of Digital and Enterprise Development says that rural communication facilities will be set up within two weeks to alleviate the hardships of village children who climb trees, rocks and go to the lake without communication facilities.

He was speaking at a press conference held at the Government Information Department yesterday (21).

This Rural Communication Facility Center with a maximum of 10 computers or tabs is to be set up in a school, a Mahindodaya laboratory, a Nenasala, a religious place, a community hall or a library or a center provided by a private sector tycoon.

Post Views: 12
Previous Post

දෝහා කටාර් රාජ්‍යය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයට පරිත්‍යාග කිහිපයක්

Next Post

කොවිඩ් පාලනයට මිලියන 5.4ක වෛද්‍ය උපකරණ රෝහල් වෙත ප්‍රදානය කරයි

editor

editor

Next Post

කොවිඩ් පාලනයට මිලියන 5.4ක වෛද්‍ය උපකරණ රෝහල් වෙත ප්‍රදානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved