• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

වෝග් ජුවලර්ස් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට විශේෂ දිමනාවක්

31 October 2023
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වෝග් ජුවලර්ස් යනු ස්වර්ණාභරණ ලෝකයේ විශිෂ්ටත්වයේ සංකේතයකි. වෝග් ජුවලර්ස් සිය පාරිභෝගිකයන්ට හුදෙක් ස්වර්ණාභරණ පමණක් නොව සදානුස්මරණීය අත්දැකීමක්ද පිරිනමයි.

1962 වර්ෂය දක්වා දිවෙන සාඩම්බර උරුමයක් හිමි වෝග් ජුවලර්ස්, උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම සම කළ නොහැකි පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් විශාල කීර්තියක් දිනා තිබේ. මේ උරුමය සහ විශිෂ්ටත්වය හේතුවෙන් වෝග් ජුවලර්ස් මෙරට දොරින් දොර කියැවෙන නාමයක් බවට පත් වී ඇත.

මේ වනවිට වෝග් ජුවලර්ස් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන් වෙනුවෙන් විශේෂ දීමනාවක් හඳුන්වා දී තිබේ. මෙම දීමනාව යටතේ 2023 ඔක්තෝබර් 16 දින සිට 22 දින දක්වා එම කාඩ්පත් හිමියන්ට දියමන්ති සහ මැණික් ආභරණ සඳහා 45% ක් දක්වා ඉතුරුම් හිමි වනු ඇත.

වෝග් ජුවලර්ස්හි කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ ශිල්පීය නිපුණත්වය සඳහා දක්වන උනන්දුවයි. වෝග් ජුවලර්ස් හි සෑම නිෂ්පාදනයක්ම ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම්ලත් ශිල්පීන්ගේ හා නවීනම තාක්ෂණය භාවිත කර නිමවා තිබේ. මේනිසා එම සෑම නිෂ්පාදනයක්ම විශිෂ්ට නිර්මාණ බවට පත් වී තිබේ.

පාරිභෝගික තෘප්තියටද වෝග් ජුවලර්ස් සෑම විටම ප්‍රමුඛත්වය ලබාදෙයි. පාරිභෝගිකයෙකු සිය ප්‍රදර්ශනාගාරය වෙත පැමිණි අවස්ථාවේ සිටම ඔහුට හෝ ඇයට විශිෂ්ට සේවාවක් ලබාදීමට වෝග් ජුවලර්ස් පාරිභෝගික සේවා කණ්ඩායම සූදානමින් සිටී. පාරිභෝගිකයාගේ තේරීම කුමක් වුවද ඔහුට හෝ ඇයට සදා මතකයේ රැඳෙනා අත්දැකීමක් තිළිණ කිරීමට මෙම පාරිභෝගික සේවා කණ්ඩායම කටයුතු කරති.

“සෑම විටම අපගේ ප්‍රමුඛත්වය හිමිවන්නේ පාරිභෝගිකයින්ටය. සදාකල් පවතින ස්වර්ණාභරණ පමණක් නොව, උසස් ප්‍රමිතිය, විශ්වාසය සහ ගෙවන මිලට උපරිම වටිනාකම පිරිනැමීම ඔස්සේ සදාතනික අත්දැකීම් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා, පරම්පරා ගණනාවක් පවතින පාරිභෝගික සම්බන්ධතා ගොඩනංවා ගැනීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි.”

වෝග් ජුවලර්ස් සිය ප්‍රතිඥාව වන ‘සැමදා ඔබ සමග’ යන්න සැබැවින්ම අර්ථවත් කිරීමට කැප වී සිටී. එම නිසා, මනාලියන්ගේ ආභරණ ඇතුළුව වෝග් ජුවලර්ස් හි සියලුම නිෂ්පාදන සඳහා ජීවිත කාලය පුරාවට පවතින වගකීමක් සහිතව ඔබ වෙතට පැමිණේ. උසස් ප්‍රමිතිය යනු වෝග් ජුවලර්ස් සමාගම කිසිදා අවතක්සේරු නොකරන සාධකයකි. සෑම නිෂ්පාදනයක්ම දැඩි පරීක්ෂාවන්ට ලක්කර උසස් තත්ත්වය තහවුරු කරගැනීමට වෝග් ජුවලර්ස් කටයුතු කරයි. මේ නිසා වෝග් ජුවලර්ස් ආභරණය නිසැකවම පරම්පරා ගණනාවක් පවතී.

එමෙන්ම තම ආභරණවල උසස් තත්ත්වය තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සහ රත්‍රන්වල තත්ත්වය පරීක්ෂාවට ලක්කිරීම සඳහා වෝග් ජුවලර්ස් සමාගම අතිනවීන ඉතාලි තාක්ෂණයක් වන XRF තාක්ෂණය භාවිතා කරයි. මෙය එම ආභරණවල උසස් තත්ත්වය තහවුරු කරගැනීමට මහෝපකාරී වන තවත් වැදගත් සාධකයකි.
මේ ආකාරයට ක්ෂේත්‍රයට නව ආදර්ශ සපයමින්, ගෙවන මිලට උපරිම වටිනාකමක් ලබාදෙන වෝග් ජුවලර්ස් වෙතින් තමන්ට ලැබෙනුයේ උසස්ම තත්ත්වයේ ආභරණ පමණක් බව පාරිභෝගිකයන්ට නිසැකවම විශ්වාස කළ හැකි වේ.

වෝග් ජුවලර්ස් පිළිබඳව

1962 වර්ෂයේදී ආරම්භ වූ වෝග් ජුවලර්ස් සමාගම ශ්‍රී ලංකාවේ රන් ආභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. දශක 6 කට අධික කාලයක් පුරා එම සමාගම ශිල්පීය නිපුණත්වය, උසස් ප්‍රමිතිය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් සුවිශාල කීර්තියක් දිනාගැනීමට සමත් වී සිටී. ක්ෂේත්‍රයට පුරෝගාමී ආදර්ශ සපයන්නෙකු වශයෙන් වෝග් ජුවලර්ස් මේ වනවිට මනාලියන්ගේ ආභරණ කට්ටල ඇතුළුව පුළුල් පරාසයක පැතිරුණු ආභරණ වර්ග රාශියක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සෑම ආභරණයකට සදාකල් පවතින ස්වර්ණාභරණ වගකීමක් ලබාදෙමින් වෝග් ජුවලර්ස් ‘සැමදා ඔබ සමග’ යන ප්‍රතිඥාව නිරන්තරයෙන් සුරකියි.

පිටපත – PR

Post Views: 7
Previous Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කෙරේ

Next Post

හොර ඉමුයුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගමේ හිමිකරු සොයා ගන්න බැරිවුනොත් CID ඊට වග කිවයුතුයි – රවි කුමුදේශ්

editor

editor

Next Post

හොර ඉමුයුනෝග්ලොබියුලින් ගෙන්වූ සමාගමේ හිමිකරු සොයා ගන්න බැරිවුනොත් CID ඊට වග කිවයුතුයි - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved