• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ සැබෑ තත්ත්වය හෙළිකිරීමේ විශේෂ වාර්තාවක් ජනපතිට දෙනවා- මන්ත්‍රී සරත්

13 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීම වෙනුවෙන් සකස් කළ විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සමුළු වාරයකදීම ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදුකළ බවට චෝදනා නඟන බවත්, එයට පිළියමක් ලෙස සහ යුද්ධයේ ඇත්ත තත්ත්වය පෙන්වා දීම අරමුණින් අදාළ වාර්තාව සකස් කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ” රටක ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි වාතාවරණයක් තිබිය යුතුයි. ඒ වගේම ආයෝජන අවස්ථාව ලබා ගැනීමේදී ද රටක ජාතික ආරක්ෂාව තහවුරුව තිබීම ඉතා වැදගත් වෙනවා. භෞතික ආරක්ෂාව පමණක් නොව ආර්ථික ආරක්ෂාව, ආහාර සුරක්ෂිතභාවය, පරිසර ආරක්ෂාව, පුද්ගල ආරක්ෂාවත් මෙහිදී වැදගත් වෙනවා. පසුගිය වසර 10 තුළ පමණක් පුද්ගලයන් 27,000ක් පමණ මාර්ග අනතුරුවලින් මියගොස් තිබෙනවා. තිස් වසරක යුද්ධයෙන් මියගියේ 29,000ක් පමණයි. මේ වන විට මාර්ග අනතුරු ඉතා බහුලව රටේ සිදු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍යයත් ජාතික ආරක්ෂාවට බලපානවා. බලශක්තිය, සෞඛ්‍ය ආරක්ෂාවත් ජාතික ආරක්ෂාව යටතට ගැනෙනවා. ඕනෑම රටක ත්‍රස්තවාදය, අන්තවාදය, මත්ද්‍රව්‍ය උවදුර, පාතාල ක්‍රියාකාරකම් තිබෙනවා. නමුත් මේ සියල්ලක්ම ජනජීවිතය අඩාල නොවන ආකාරයට සමනය කිරීම රජයක වගකීමක් වනවා. අප කාරක සභාවක් ලෙස රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. බෙදුම්වාදය මුල් කරගත් ත්‍රස්වාදය සහ ත්‍රස්තවාදය මුල් කර ගත් අන්තවාදය භෞතිකව පවතින තර්ජන ලෙස හඳුන්වන්න පුළුවන්. එසේම මෙරට තුළ යුද අපරාධ සිදුවූ බව කියමින් ජිනීවා නුවර පැවැත්වෙන සෑම මානව හිමිකම් සැසිවාරයකදීම නොයෙක් ආකාරයෙන් චෝදනා එල්ල වෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙනුත් අප අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවතුණේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලයක්. ඒ නිසා රටේ පැවතියේ කුමන ආකාරයේ යුද්ධයක්ද යන්න පැහැදිලි කිරීමේ වාර්තාවක් අප කාරක සභාව මැදිහත්ව සකස් කර තිබෙනවා. අපි ජිනීවා මානව හිමිකම් කමිටුවට දැන්වත් සත්‍ය තත්ත්වය තේරුම් කරදිය යුතුයි. මේ නිසා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වශයෙන් සකස් කර තිබෙන විශේෂ වාර්තාව ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙනවා. එහි රටේ පැවති යුද්ධයේ සැබෑ තත්ත්වය පැහැදිලි කර තිබෙනවා යැයි මන්ත්‍රී සරත් විරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

14 වැනි දකුණු ආසියානු කායවර්ධන ශූරතාවලිය මෙරටදී පැවැත්වීමට සැලසුම් කෙරේ

Next Post

DFCC බැංකුවේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන තවත් සන්ධිස්ථානයක් පසුකරයි

editor

editor

Next Post

DFCC බැංකුවේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන තවත් සන්ධිස්ථානයක් පසුකරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද වහින හැටි

අද වහින හැටි

3 June 2025
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025

Recent News

අද වහින හැටි

අද වහින හැටි

3 June 2025
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද වහින හැටි

අද වහින හැටි

3 June 2025
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved