• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නවොත්පාදනයෙන් බලගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතුයි – ඇමැති සුසිල්

23 August 2022
in දේශීය

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කලා හා වාණිජ අංශවලට ඇතුළත් වීම 75% ක් සහ විද්‍යා හා තාක්ෂණ අංශයට ඇතුළත්වීම 25 % ක් බවත් එය ශ්‍රී ලංකාවේ අනාගතයට විශාල ගැටලුවක් බවත් රාමුවෙන් පිට සිතන නවොත්පාදනයෙන් බල ගැන්වෙන තරුණ පිරසක් බිහි කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ කැණිමඬල ශ්‍රවණාගාරයේ සූර්ය තාක්ෂණ ශිල්පී ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා වන තාක්ෂණික පාඨමාලාව සාර්ථක ව හදාරා අවසන් කළ නිපුණ ශිල්පීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි හා ගණිතය යන විෂයන්ට මූලිකත්වය දෙමින් බටහිර රටවලින් ආරම්භ වූ ‘ස්ටෙම්’ අධ්‍යාපන සංකල්පය (STEM Education) වර්තමානය වන විට කලා විෂය ද ඇතුළත් ව ‘ස්ටීම්’ (STEAM) ලෙස වර්ධනය වී ඇති බවත් මේ සංකල්පය, ඉදිරි වසර 10 තුළ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හැරවුම් ලක්ෂයක් සේ භාවිත කරමින් ග්‍රාමීය පාසල් වෙත ද එම විෂයන්ට අදාළ ගුරුවරුන් හා අදාළ පහසුකම් සැපයීමෙන් ඉදිරියේ දී උපාධිධාරී විරැකියාව නිමා කළ හැකි බවත් පැවසී ය.

එසේ ම මධ්‍යම මට්ටමේ කාර්මික ශිල්පීන්ගේ හිඟය, අප රට මුහුණ දී සිටින ප්‍රමුඛ ගැටලුවක් වන අතර එය පියවීම සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ඇතුළු ආයතන දායක වන අතර අධ්‍යාපන අමාත්‍යාංශය මෙම විෂය ආවරණය වන තාක්ෂණ අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන අංශ තුන ම මානව සම්පත් සංවර්ධනය යන පොදු විෂයට ගොනු කර කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා තාක්ෂණ විෂය දැනුම භාවිත කරමින් ඒ ඔස්සේ ඉදිරියට යෑම සඳහා පේරාදෙණි, රුහුණු, කැලණි හා යාපනය යන විශ්වවිද්‍යාල ඒකාබද්ධ ව ලබා දෙන සහාය, කෘතවේදී ව සිහිපත් කළේ ය.

නිසි පර්යේෂණ, සමීක්ෂණ සිදු කර දේශපාලන පදනමින් තොර ව ඉදිරි ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් එම ව්‍යාපෘතිවල අඛණ්ඩ පැවැත්ම තහවුරු වන අතර ඒ ඔස්සේ ලද හැකි ව්‍යවසායකත්ව දැනුම, පාඨමාලාලාභීන්ගේ රැකියා නියුක්තිය ඉහළ නංවන, එසේ ම ස්වයං රැකියාවල නියැළීමට ද ඉඩ ප්‍රස්ථා විවර කර දෙන මනා වූ දැනුමක් වන බවත් පෞද්ගලික අංශයට පවා මෙය, මනා ආයෝජන අවස්ථාවක් වන බවත් සාම්ප්‍රදායික රාමුවෙන් බැහැර ව මේ සම්බන්ධයෙන් සිතා බලා ප්‍රතිපත්ති තීරණ ගැනීම මත රටට ඉදිරියට යා හැකි බවත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය සේවයට මෑත දී බඳවාගත් උපාධිධාරීන් 53,000 අතරින් අධ්‍යාපන ක්ෂේත්‍රයට යොමු කර ඇති 31,000ට විභාගයක් පවත්වා ලකුණු මත සුදුස්සන් පමණක් ගුරුවරුන් වශයෙන් බඳවාගෙන ඔවුන් උපාධියට අමතර ව අධ්‍යාපන ඩිප්ලෝමා පුහුණු මගින් ද සන්නද්ධ කර අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය ඉහළ නංවන බව ද අමාත්‍යවරයා මේ අවස්ථාවේ දී පැවසී ය.

මෙම අවස්ථාවට මහාචාර්ය ශිවා ශිවනාදන් මහතා, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා ඇතුළු පිරිසක් එක් වූහ.

Post Views: 3
Previous Post

DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන් සහනදායී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා SLASSCOM සමග එක්වෙයි

Next Post

මාතලේ ස්වාමි විපුලානන්ද සභාවේ සංවත්සර උත්සවයක්

editor

editor

Next Post

මාතලේ ස්වාමි විපුලානන්ද සභාවේ සංවත්සර උත්සවයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved