අබුඩාබිහි කලීෆා ආර්ථික කලාපය (KEZAD) ඉලක්ක කර ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් අද (02) අලුයම සාර්ථකව විනාශ කර තිබේ. අබුඩාබි මාධ්‍ය කාර්යාලය සඳහන් කළේ මෙම මිසයිල මැඩපැවැත්වීමේදී එම ප්‍රදේශයට සුළු දේපළ හානි සිදුවුවද, කිසිදු පුද්ගල තුවාලයක් වාර්තා වී නොමැති බවයි.
අද අලුයම 4:30ට පමණ ඉරානය දෙසින් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් මෙලෙස ආරක්ෂක අංශ විසින් විනාශ කර ඇති අතර, එම අවස්ථාවේදී රටේ ප්‍රදේශ කිහිපයකට විශාල ශබ්ද ඇසී තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය වහාම හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දුන් අතර, නිල නොවන තොරතුරු හෝ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටියේය.
මෙම ප්‍රහාර මාලාව එල්ල වී ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීමත් සමඟ ලෝක ආර්ථිකයට සහ ආරක්ෂාවට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමකය. ජනාධිපති ට්‍රම්ප් විසින් නේටෝ (NATO) සංවිධානයට එල්ල කළ අනතුරු ඇඟවීම් මධ්‍යයේ මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වෙමින් පවතී.
















