2026 ආසියානු නැගී එන කණ්ඩායම් අතර කාන්තා ක්‍රිකට් තරගාවලියේ (Womens Asia Cup Rising Stars) තීරණාත්මක පළමු අවසන් පූර්ව තරගය අද ඉන්දීය ‘A’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම අතර පැවැත්වේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය හමුවේ පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණි.
තරගයේ ආරම්භයේ සිටම ඉන්දීය පන්දු යවන්නියන් ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට ලකුණු රැස්කිරීමට දැඩි බාධා පැමිණවූ අතර, කඩුලු දවාගැනීමේ වේගය පාලනය කිරීමට ශ්‍රී ලංකා මැද පෙළ අපොහොසත් විය. ඒ අනුව ඉන්දීය ‘A’ කණ්ඩායමට අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ලකුණු 119ක ඉලක්කයක් හිමිව තිබේ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට මෙම අඩු ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කරගනිමින් තරගයට අවතීර්ණ වීමට නම් මුල් පන්දුවාර කිහිපය තුළ ඉන්දීය කඩුලු දවාගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.














