• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඕනෑම අභියෝගයක් භාර ගන්නවා – අගමැති

26 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තමා ඉල්ලා අස්වන්නේ නැති බවත් ඉදිරියට එන ඕනෑම අභියෝගයක් ජයගන්නා බවත් රටට ආදරෙයි කියන අය ද ඇත්තටම රටට ආදරේ කියා අහන්න සිදුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්ධන, ගෑස්, විදුලිය හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම ඒ වෙනුවෙන් පවතින පෝලිම් ක්‍රමය අප විසින් වහා නතර කළ යුතු යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

කෙටි කාලයක් තුළ පෝලිම් නතර කිරීමේ හැකියාව ඇති බවට විශ්වාසය පලකළ අග්‍රාමාත්‍යවරයා එම ප්‍රශ්න නිරාකරණය කළ වහාම භාණ්ඩ මිල පාලනය කරන සාකච්ඡාව ආරම්භ කළ යුතු යැයි කියා සිටියේය.

තව කෙනෙකු අතින් මේ වගකීම් ඉටුවන තුරු බලා සිටීමෙන් සිදුවිය හැකි හානියේ දිග පළල හොඳටම තේරෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා රට මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට තබන හැම පියවරක් පිටුපසම තමන් සිටින බව තරයේ මතක තබා ගන්න යැයි කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් හා පළාත් සභා මන්ත්‍රී සංසදය අතර හමුවක් අද (26) දින අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කථාව මෙසේය.

“රට හමුවේ ඉතා තීරණාත්මක කාලයක් ගෙවෙමින් තියෙද්දී තමයි අද ඔබ හමුවන්නේ. ඔබ දන්නවා රටත් ජනතාවත් මොනතරම් දුෂ්කරතාවලට මුහුණ දෙනවාද කියන එක මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.අපි සියළු දෙනා ඒක දන්නවා. රජය වශයෙන් අපි දිවා රෑ වෙහෙසෙන්නෙ මේ රටේ තියෙන මේ අභියෝගය ජයගන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. පසුගිය ආණ්ඩුව අපිට භාර දුන්නෙ ආර්ථිකය වගේම ජාතික ආරක්ෂාවත් බිඳ වැටුණු රටක් බව ඔබලාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබ අපි එදා ජනතාව ළඟට ගිහිල්ලා කිව්වේ ආණ්ඩු බලය අපට දෙන්න අපි මේ කටයුත්ත නිවැරැදි කරන්නම් කියලා.
හැබැයි ආණ්ඩුව අරන් අපිට ඉස්සරහට අඩිය තියන්න වුණේ කොවිඩ් වසංගතයත් එක්ක කියන එක අමුතුවෙන් මම ඔබට කියන්න ඕනේ නැහැ. මේක මුළු ලෝකෙම බලාපොරොත්තු නොවුණ දෙයක්.
ඇතමෙක් ඒ වගේ අවස්ථාවල මිනිස්සුන්ගෙ ජීවිතවලට වඩා හිතන්නෙ බලය රැකගන්නෙ කොහොමද කියලා, අපි හිතුවේ මිනිස්සුන්ගෙ ජීවිත රැකගන්නෙ කොහොම ද කියලා. ඒකයි අපේ වෙනස. රජයක් විධියට ඒ කාර්යය ඉටු කරන්න අපි ඊට ප්‍රමුඛත්වය දුන්නා. තමුන්නාන්සේල ඒක දන්නවා. වෛද්‍යවරුන්, හෙද හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ සාමාජිකයන් ඊට නායකත්වය ගත්තා.
එදා කොවිඩ් මරණ ගණන් කරපු සමාජයක් ඉතා ඉක්මනින් වෙනස් කරන්න අපට පුළුවන් වුනා කියන එකත් ඔබ දන්නවා. වසංගතය තවමත් ලෝකයෙන් තුරන් නොවුණත් අපට කොවිඩ් වසංගතයෙන් මියයන මිනිස් ජීවිත ගණන අද වෙනකොට බේරාගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ අය අද අපට එරෙහිව විරෝධතාවල නිරත වෙනවා වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත. ඒ ඔවුන්ගේ කැමැත්ත සහ අයිතියක් කියලයි මම නං විශ්වාස කරන්නේ.
කොවිඩ් ප්‍රශ්නය නිසා තමයි අපට නිතර හමුවෙන්න පවා නොහැකි වුණේ. නැත්නම් අපි මීට වඩා හමුවෙනවා. අපිට එකට එකතුවෙලා කතා කරන්න තිබුණ. අපිට මෙවැනි අවස්ථා මඟ හැරුණා. ඔබේ අදහස රජයටත් අපේ අදහස ඔබටත් කියන්න. නමුත් ඔබ අතින් විය යුතු වගකීම් සහ යුතුකම් ඔබ විසින් නොපිරිහෙලා ඉටුකළ බව මම මේ මොහොතේ අමතක කරන්නේ නැහැ. ඒ වගේම තනතුරු වරදාන ගැන නොහිතා ඔබ ඒ යුතුකම ඉටු කළබවත් අපි දන්නවා.
රට තුළ ආර්ථික අර්බුදයක් තිබෙන බව රහසක් නොවෙයි. දශක ගණනාවක් ණය මත ගෙනගිය ආර්ථිකය අද එක්තරා සීමාවකට පැමිණ තිබෙනවා. ඉන්ධන, ගෑස්,විදුලිය හා ඖෂධ ,අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම ඒ වෙනුවෙන් පවතින දිගු පෝලිම් ක්‍රමය මම දන්නවා ඔබට මිනිස්සුන්ට උත්තර දෙන්න වෙලා තියෙනවා. ඒක අපි වහාම නතර කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දැනටමත් අපි ක්‍රියාත්මක කරල තියෙනවා. ක්‍රියාත්මක කරමින් සිටිනවා.
තව කෙනෙකු අතින් මේ වගකීම ඉටුවනතුරු බලා සිටින්නේ නැතිව සිදුවිය හැකි හානියේ දිග පළල දැන් හොඳටම තේරෙනවා.
ඒ නිසා ඔබ අපි එක්වෙලා පළමුවෙන් රටේ තියෙන මේ පෝලිම් යුගය නවත්වලා, නවත්වන්න කටයුතු කරල, කෙටි කාලයක් තුළ කරන්න පුළුවන් වැඩ පිළිවෙල අපි දියත් කරන්න ඕනේ කියලයි මම විශ්වාස කරන්නෙ.
කිසිම හිඟයකින් තොරව ඉන්ධන දෙන්න පුළුවන් කියන විශ්වාසය අපි ජනතාවට දෙන්න ඕන. මොකද බූලි වලට ගහල, ෆුල් ටෑන්ක් කරගෙන, බෝතල්වලට අරගෙන යන්න පටන්ගත්ත පසුගිය කාලේ. මේවායින් තමයි අපිට ප්‍රශ්න ඇතිවුනේ. විදුලිය කප්පාදුව ගත්තත්, මිනිත්තුවෙන් මිනිත්තුව හරි විදුලි කප්පාදුව අඩු කරන්න අපට පසුගිය කාලේ හැකිවුනා. ගෑස් ප්‍රශ්නයත් අපිට සතියක් කිහිපයක් තුළ විසඳන්න පුළුවන්. ඒ ප්‍රශ්න ටිකට පිළිතුරු සොයාගෙන ඇවිත් අපි ඊළඟට භාණ්ඩ මිල පාලනය කරන, එහෙම නැතිනම් අඩු කරන සාකච්ඡාව ආරම්භ කරන්න ඕනේ. එයත් කරන්න පුළුවන්. අපි එකතු වුණොත් මේ හැමදේම විසඳන්න අපිට පුළුවන් වෙයි.

අපට චෝදනා කරන එක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි. එක එක කාලෙට එක එක චෝදනා. සමහරු කියන්න පටන්ගත්තා මේ දවස්වල අමෙරිකාවේ, එංගලන්තයේ, අප්‍රිකාවේ ඔය හැම තැනම ඉඩම් අක්කර ගණන් තියෙනව කියල. වතු යායවල් තියෙනවා කියල, ගෙවල් හඳල තියෙනවා කියල. හැබැයි ඒ කට්ටිය ආවට පස්සේ බලයට පසුගිය අවුරුදු පහම ඒ කට්ටිය හිටියනේ. අපි කිව්වා මේව බලන්න. නඩු දාන්න. නඩු දාල ඒවා ගන්න තියෙනවනම්. හැබැයි ඉතින් ඒවා කරන්නේ නැතිව ඉඳල අපිට බැන බැන ඉන්නවා. ඉතින් එයාලගේ බලය තියෙන කාලේ ඔප්පු කරන්න බැරිවෙච්ච චෝදනා අද අපිට හෝද හෝද මඩ ගහමින් ඒ චෝදනා නැවත නැවත ඉදිරිපත් කරනවා.
අපි මේ රටට වැඩ කලා. ඒක ඇත්ත. ඒක තමයි වරදක් වශයෙන් ඔබට පේන්නේ. අපි යුද්ධය නිම කලා. එතැනින් ඉස්සරහට අපි ආව මිසක් අපි ආපස්සට ගියේ නැහැ. හැබැයි අපි යුද්ධය ඉවර කලායැයි කියල ඒ මත ඉඳගෙන දේශපාලනය කරන්න ගියේ නැහැ. එදා යුද්ධය වෙලාවේ අපෙන් ගන්න බැරිවුණ වාඩුව අද ගන්නම් කියලා පෙළ ගැසුණු පිරිසකුත් අද ගෝල්ෆේස් එකට ඇවිල්ලා ඉන්න බව මතක තියා ගන්න.
ප්‍රශ්නයක් විසඳගන්න ඕන සාකච්ඡා මාර්ගයෙන්. ගෝල්ෆේස් එකට ආපු කණ්ඩායම්වලටත් ඔවුන් නියෝජනය කරන නායකයන්ටත් අපි එන්න කිව්වා. අපි සමඟ සාකච්ඡා කරමු කිව්වා. අපි විවෘත ආරාධනාවක් කලා. අදත් ඒ ආරාධනාව කරනවා. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ අපි එක්ක ආණ්ඩුවක් හදන්න, අමාත්‍ය වගකීම් දරන්න කියලා විරුද්ධ පක්ෂයටත් ඒ මන්ත්‍රීවරුන්ටත් අපි ආරාධනා කළා. ඔවුන්ට අවශ්‍ය රට හදන එක නම් අපිත් එක්ක එකතු වෙලා වැඩ කරමු කියලා කිව්වා. ඒ අවස්ථාව මග හැරලා අද මාධ්‍ය ඉදිරියට ඇවිත් අපි රටට ආදරෙයි කියන අය ද ඇත්තටම රටට ආදරේ කියලා අපිට අහන්න වෙලා තියෙනවා.
අපිට විරෝධතාකරුවන් සමඟ ගැටුමක් නැහැ. විරුද්ධ මත ඉවසීමේ පුරුද්ද අපට දේශපාලනයෙන් පහුගිය අවුරුදු ගණානවකම තිස්සේ ලැබුණු අත්දැකීමක්. හැබැයි අපි මේ වෙලාවේ සමහර පිරිසක් ඉන්නවා අපේ රටට උදව් කරන්න එපා කියලා, අපි සාකච්ඡා කරන මූල්‍ය ආයතනවලට, මිතුරු රටවල්වලට විවිධ බලපෑම් කරනවා. ඒ විතරක් නෙමෙයි රජයට එරෙහිව කරන විරෝධතා බව කියමින් දෛනික ජීවිතයේ වැඩ කරන මිනිස්සුන්ට විවිධ බාධා ඇති කරනවා. ඔවුන්ගෙ සාමකාමී දිවි පෙවත ආඩාල කරනවා. හැබැයි ඒක හොඳ දෙයක් නෙමෙයි.
රටේ මේ වෙලාවේ උද්ගතවෙලා තියෙන තත්ත්වය අපි එකින් එක විසදමිනුයි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි සංවිධාන වගේම මිත්‍ර රටවල් අපිට මේ වෙලාවේ උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පහුගිය දවස්වල චීනයේ අගමැතිතුමාට කතා කලා. තව වෙන රටවල අගමැතිවරුන්ට කතා කලා. ඔවුන්ගේ සහයෝගය අපිට දෙනව කියල පොරොන්දුවෙලා තියෙනවා.
මේ ප්‍රශ්නය කෙටිකාලයක් තුළ විසඳන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් කියල තියෙනවා විශ්වාසයක්. ඒ නිසා ඔබ අප කෙරෙහි විශ්වාසය තියල රට තුළ අපිත් එක්ක ජනතාව තියා ගැනීම සඳහා අවශ්‍ය කාර්යභාරය ඉටුකරන්න කියන ඉල්ලීම මම ඔබගෙන් කරනවා. තමුන්නාන්සේලා එක ඉල්ලීමක් කලා මට අස්වෙන්න එපා කියල. නැහැ මම අස්වෙන්නේ නැහැ. බය වෙන්න එපා.යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

Post Views: 2
Previous Post

69 ලක්ෂය නිහඩව සිටින්නේ මාධ්‍යවල අනිසි ප්‍රචාරණය නිසාවෙනි – පළාත් සභා මන්ත්‍රී සංසදය

Next Post

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් අඛණ්ඩ සහාය ලබාදීමටත් එකඟතාව

editor

editor

Next Post

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600ක මූල්‍යාධාරයක් අඛණ්ඩ සහාය ලබාදීමටත් එකඟතාව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved