ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට සමගාමීව මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 620ක ප්‍රතිපත්ති පාදක ණයක් ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ක්ලෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ශක්තිමත් මූල්‍ය පසුබිමක් ගොඩනැගීමේ වැඩසටහන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 220ක් වෙන් කර තිබේ.
වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් කෙරේ.
ජල සම්පාදන සහ සනීපාරක්ෂක ප්‍රතිසංස්කරණ වැඩසටහන වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලබාදීමට නියමිතය.
කෘෂිකාර්මික අගය දාම මූල්‍යකරණය සහ වාණිජකරණ අංශ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වෙන් කර ඇත.
ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය සහ සමාවේශී ප්‍රතිසාධනය සඳහා වන සංවර්ධන වැඩසටහන වෙනුවෙන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් හිමිවනු ඇත.
මෙම මූල්‍ය පහසුකම හරහා මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීමටත්, ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක නූතන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමටත් රජය අපේක්ෂා කරයි.














