ආඩියාපුලියන්කුලම පානීය ජල සම්මාපාදන ක්‍රමය ලෝක ජල දිනයට සමගාමීව අද (28) දින ජනතා අයිතියට පත් කෙරිණි.
මෙය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙන්ගලච්චිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආඩියාපුලියන්කුලම, පුදුකුලම හා වලවෛකුලම යන ගම්මානවල පවුල් 648 ක ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට රුපියල් මිලියන 190.5 ක් වැය කර ඉදි කරන ලදි.
වාරි කර්මාන්තයට, පානීය ජලයට, විදුලි බලය සඳහා ජලය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමට නව සැළසුමක් ක්‍රියාත්මක කරනවා.
මෙම වැව්ගම් පුබුදුව ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ හරිත දේශගුණ අරමුදල හා ශ්‍රී ලංකා රජය වන අතර, එහි තාක්ෂණික දායකත්වය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සපයනු ලබයි.
මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයින් පිරිසක් ද ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි භාරතිදාසන් මහතා, වැව්ගම් පුබුදුව ව්‍යාපෘති අධ්යක්ෂ චන්දන එදිරිසූරිය මහතා ඇතුලු නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.