අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් වෙනුවෙන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීමට අවස්ථාව සලසාදෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් පසුගියදා ආරම්භ විය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම උත්සවය පැවැත්විණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ 2025 වසරේ සිට 2033 වර්ෂය දක්වා කාලය තුළ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන අවස්ථා හිමි වේ. දක්ෂ දරුවන්ට ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාල වෙත පිවිසීමට මගපෙන්වීම හරහා මෙරට මානව සම්පත ගෝලීය ප්‍රමිතීන්ට අනුව බලගැන්වීම රජයේ අරමුණයි.














