පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර පවතින දේශසීමා ගැටුම් උච්චතම අවස්ථාවට පත්වෙමින්, ඇෆ්ගනිස්ථානය විසින් පකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් (Islamabad) ඉලක්ක කර ගනිමින් ප්‍රබල ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉස්ලාමාබාද් නුවර සහ ඒ අවට පිහිටි හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ නගරය පුරා දැඩි භීතියක් පැතිර ගිය අතර, වැසියන් ආරක්ෂිත ස්ථාන කරා පලා යන අයුරු දක්නට ලැබුණි. පකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා මේ වන විටත් දෙරට අතර ‘විවෘත යුද්ධයක්’ (Open War) ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙය දශක ගණනාවකට පසු දෙරට අතර ඇති වූ දරුණුතම යුදමය තත්ත්වය ලෙස සැලකේ.
මෙම කලබලකාරී වාතාවරණය මධ්‍යයේ, ඉස්ලාමාබාද් සහ දේශසීමා ප්‍රදේශවල වසන පෂ්තුන් (Pashtun) ජාතිකයින් පිරිසක් පවතින තත්ත්වය පිළිබඳව කිසිදු බියක් නොදක්වමින්, වීදිවල සිට සිනාසෙමින් සහ ප්‍රහාර සිදුවන අයුරු සිය ජංගම දුරකථන මගින් වීඩියෝ ගත කරන අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතී. මෙම පිරිස් මෙලෙස හැසිරෙන්නේ පකිස්ථාන රජය සහ ඇෆ්ගන් තලේබාන් පාලනය අතර පවතින දේශපාලනික මතභේද හමුවේ ඔවුන්ගේ ඇති නොසතුට ප්‍රකාශ කිරීමට බව ආරක්ෂක විශ්ලේෂකයෝ මත පළ කරති. පකිස්ථානය විසින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් නගරවලට එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇෆ්ගනිස්ථානය මෙම ඩ්‍රෝන ප්‍රහාරය දියත් කර ඇති අතර, මේ වන විට දෙපාර්ශ්වයේම සිය ගණනක් මියගොස් ඇති බව වාර්තා වේ.














