පසුගිය සති දෙකක කාලය තුළ ඇෆ්ගනිස්ථානයට බලපෑ දරුණු ගංවතුර, භූමිකම්පා සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 148 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීහු ප්‍රකාශ කරති. හින්දු කුෂ් කලාපයේ සිදුවූ රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබල භූමිකම්පාව සහ අධික වර්ෂාව හේතුවෙන් නිවාස 1,149ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර පවුල් 7,500කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය දේශගුණික විපර්යාස හමුවේ ලෝකයේ වඩාත්ම අවදානමට ලක්ව ඇති රටවල් අතර වන බවයි. ඇෆ්ගනිස්ථානයට අද දිනත් තවදුරටත් දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබේ.
















