අප්‍රිකානු රටවල් 11ක් චීනයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් බිලියන 2කට අධික ණය ආධාර මත කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන උසස් නිරීක්ෂණ පද්ධති ස්ථාපනය කර ඇති අතර, එමගින් පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට සහ මූලික නිදහසට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව නවතම වාර්තාවකින් හෙළි වේ. නයිජීරියාව, ඊජිප්තුව සහ උගන්ඩාව වැනි රටවල් නගර නවීකරණය සහ අපරාධ මර්දනය යන ලේබලය යටතේ මෙම මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහ ස්මාර්ට් කැමරා පද්ධති හඳුන්වා දී ඇතත්, ප්‍රායෝගිකව එමගින් සිදුවන්නේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගනිමින් සිදුවන මර්දනයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති. නිසි නීතිමය රාමුවකින් තොරව සිදුවන මෙම ආක්‍රමණශීලී දත්ත රැස්කිරීම නිසා ජනතාව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමට සහ උද්ඝෝෂණවලට සහභාගී වීමට බියක් දක්වන ‘සීතල බලපෑමක්’ (chilling effect) සමාජය තුළ නිර්මාණය වී ඇති බව ද එම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.














