2026 වර්ෂය සඳහා වෙන් කරන ලද රාජ්‍ය ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කිරීම සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් සඳහා මෙවර විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය වූ අතර කෘෂිකර්ම අංශයේ නව්‍යකරණය සහ ගොවි සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානය2026 වර්ෂය සඳහා වෙන් කරන ලද රාජ්‍ය ප්‍රතිපාදන ඵලදායී ලෙස වැය කිරීම සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැඩසටහන් රැසක් සඳහා මෙවර විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බව මෙහිදී අනාවරණය වූ අතර කෘෂිකර්ම අංශයේ නව්‍යකරණය සහ ගොවි සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන පිළිබඳව විශේෂ අවධානය#BreakingNewsක් යොමු විය.
ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික වැඩසටහන් සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කර ඇති අතර ඊට අතිරේකව බෝග නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කර තිබේ. ගොවි ජනතාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීම වෙනුවෙන් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ණය සඳහා රුපියල් මිලියන 750ක් ද තිරසර ගොවි ණය වැඩසටහන සඳහා රුපියල් මිලියන 800ක් ද ස්වභාවික විපත්වලින් සිදුවන හානි අවම කිරීමට බෝග රක්ෂණ ක්‍රමවේදය වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක් ද වෙන් කර ඇත. එමෙන්ම සහල් මිල පාලනය සහ වී ආරක්ෂණ තොග පවත්වා ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක දැවැන්ත මුදලක් රජය විසින් වෙන් කර ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මිලියන 4,486ක් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මිලියන 4,360ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.
මෙහිදී අමාත්‍ය ලාල්කාන්ත මහතා විශේෂ අවධාරණයක් සිදු කරමින් ප්‍රකාශ කළේ අස්වැන්න නෙළූ සැණින් අඩු මිලට වී අලෙවි කිරීමේ සම්ප්‍රදාය වෙනුවට වී වියළා ගබඩා කර පසුව විකිණීමේ ක්‍රමවේදයක් ගොවීන් තුළ ප්‍රචලිත කළ යුතු බවයි. එමඟින් ගොවීන්ට සිය අස්වැන්න සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික හා ගබඩා පහසුකම් සැලසීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. පශු සම්පත් අංශයේ ප්‍රගමනය උදෙසා “Dairy Hub” වැඩසටහන මඟින් කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇති අතර ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළ නවීකරණයට තවත් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇත. වාරිමාර්ග අංශය යටතේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සහ දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය වැනි ප්‍රධාන වාරි ව්‍යාපෘති සඳහා ද ප්‍රතිපාදන වෙන් කර ඇති බව සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය විය.














