අහුන්ගල්ල සහ අම්බලන්ගොඩ ප්‍රදේශවල ඊයේ (27) සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 500කට අධික වටිනාකමකින් යුත් ‘අයිස්’ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 14කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇත. මීට අමතරව, කාන්තා සැකකාරිය සතුව තිබී පතොරම් 60ක් ද පොලිස් භාරයට ගෙන ඇත.














