අහුන්ගල්ල – ඌරගහ මාර්ගයේ අහුන්ගල්ල ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් 58 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අහුන්ගල්ල පොලීසිය වාර්තා කරයි. අනතුර සිදුව ඇත්තේ මියගිය පුද්ගලයා පාර හරහා මාරුවීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඌරගහ දෙස සිට පැමිණි යතුරුපැදියක ගැටීමෙනි.
අනතුර සම්බන්ධයෙන් බලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරන 17 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සිසුවා සතුව තිබී ඇත්තේ රිය පැදවීම සඳහා වූ තාවකාලික බලපත්‍රයක් (Learner’s Permit) පමණක් බවත්, ඔහු අද (16) දින බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.














