මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන ගොවි ජනතාවගේ වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා වායු රයිෆල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා සාර්ථකව පවත්වන ලදී. මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් සී. හේම කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් තෙල්දෙණියේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
මෙම ව්‍යාපෘතිය යටතේ බල ප්‍රදේශයේ තෝරාගත් ගොවීන් 20 දෙනෙකු සඳහා වායු රයිෆල් කට්ටල ප්‍රදානය කිරීම සිදු කෙරිණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා රජයෙන් විශේෂ සහනයක් ලබා දී තිබූ අතර, 50% ක ගොවි දායකත්වයක් සහිතව මෙම වායු රයිෆල් ලබා දීමට පියවර ගෙන තිබුණි.
මෑත කාලීනව වල් ඌරන්, රිළවුන් සහ දඬු ලේනුන් වැනි සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ගොවි ජනතාව කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම උපකරණ ලබා දී ඇත. සතුන් මැරීම වෙනුවට වගා බිම්වලින් ඔවුන් පලවා හැරීම සඳහා මෙම වායු රයිෆල් ආරක්ෂිත මෙවලමක් ලෙස භාවිතා කරන ලෙස මෙහිදී නිලධාරීන් ගොවීන්ගෙන් ඉල්ලා සිටින ලදී. මෙම අවස්ථාවට මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගී වී සිටියහ.















