මැදපෙරදිග යුද ගැටුම් උච්චතම අවස්ථාවකට පත්ව ඇති පසුබිමක, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි (Ali Larijani) ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල කැට්ස් (Israel Katz) අද නිල වශයෙන් ප්‍රකාශ කළේය. මෙය ඉරාන ආරක්ෂක අංශ වෙත එල්ල වූ ප්‍රබල පහරක් ලෙස සැලකෙන අතර, මීට පෙරද ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් ඉරාන රජය හෝ එරට ආරක්ෂක අංශ මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් හෝ තහවුරු කිරීමක් සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන ආරක්ෂක ප්‍රධානියාගේ මරණය සත්‍යයක් වුවහොත් එය කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වීමටත්, ඉරානය විසින් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රබල ප්‍රතිප්‍රහාර දියත් කිරීමටත් හේතුවනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළ කරති.














