මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ (SNSC) ලේකම් අලි ලාරිජානි (Ali Larijani) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඉරාන සන්නද්ධ හමුදා කිසිවිටෙකත් කලාපීය ආක්‍රමණ සඳහා මුල් වී නොමැති බවයි.
වර්තමානයේදී ඉරාන ජාතිය සිදුකරමින් සිටින්නේ තම රටේ ස්වෛරීභාවය වෙනුවෙන් ස්වයං ආරක්ෂාව තහවුරු කර ගැනීම පමණක් බව ලේකම්වරයා පවසයි. ආක්‍රමණිකයෙකු ලෙස නොව, එල්ල වන තර්ජන හමුවේ සිය රට ආරක්ෂා කර ගන්නා පාර්ශ්වය ලෙස ඉරානය කටයුතු කරන බව ඔහු මෙහිදී පෙන්වා දී ඇත.
මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමෙන් පසු ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත ඉරානය දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමකය.
















