• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එනවා – අගමැති

21 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එන්නත් අප කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී අප්‍රේල් 21 පාස්කු ඉරිදා බෝම්බ මාලාව එල්ල වී දෙවසරක් පිරෙන මොහොත අනුස්මරණය කිරීම සම්බන්ධයෙන් සිදු කල විශේෂ ප්‍රකාශයේදීය.

එම කථාව සම්පුර්ණයෙන් පහත පරිදි …

ගරු කථානායකතුමනි,

අද අපි මීට වසර දෙකකට පෙර එනම් 2019 අප්‍රේල් 21 පාස්කු දිනයේ ලංකා ඉතිහාසයේ ඇති වූ අඳුරුතම දිනයක දෙවන අනුස්මරණය ඉතා සංවේගයෙන් සමරනවා.

එදා පාස්කු ඉරු දින දේව මෙහෙයන්ට සහභාගී වූ අහිංසක ජනතාව ඇතුළු 259 ක් මරුමුවට පත්කරමින් සහ සිය ගණනකට තුවාල සිදු කරමින් එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ මාලාව හේතුවෙන් මියගිය දෙස් විදෙස් ආදරණීය ජනතාව අපි ඉතා සංවේගයෙන් සිහිපත් කරන ගමන් එසේ මියගිය කිතුණුවන්ගේ ආත්මයන්ට ස්වර්ගීය සැනසීමත්, අනෙකුත් ජනතාවට ඔවුන් බලාපොරොත්තු වන අයුරින් සැනසීම අත් වේවායිත් ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම එදා තුවාල වූ ආබාධිත වූ සිය ගණනක් ජනතාව අදත් ශාරීරිකව හා මානසිකව පීඩා විඳිනවා ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. එසේම මිය ගිය සහ ආබාධිත වූ තුවාල වූ සියළු දෙනාගේ පවුල් වල සාමාජිකයන් වෙත අපගේ බලවත් සංවේගය පුද කරනවා.

ඒ වගේම පාස්කු කොමිසම මගින් හෙලිදරව් කරගත් තොරතුරු අනුව සකස් කල වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් ගරු නීතිපතිතුමා වෙත යොමුකර තිබෙනවා.

අධිකරණ ක්‍රියාමාර්ග කෙරෙහි අප මැදිහත්වීමට කටයුතු නොකලත් එම ක්‍රියාමාර්ග සාර්ථක කරගැනීමට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට අප රජයක් හැටියට සූදානම් බව කියන්න කැමතියි.

එසේම කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය විමර්ශණ කටයුතු මේ වන විට ඉතාම ස්වාධීනව සිදුකරගෙන යාමට අවශ්‍ය පහසුකම් අතිගරු ජනාධිපතිතුමා විසින් සලසාදී තිබෙනවා. ඒ පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේදි කටයුතු කරයි කියල අපට විශ්වාසයි.

පසුගිය රජය විසින් සිදුකල සාපරාධී නොසලකා හැරීම් හා මග හැරීම් සහ ජාතික ආරක්ෂාව සහ තමන්ගේ දේශපාලන කටයුතු පටලවා ගැනීමෙන් අවසානයේ වන්දි ගෙවීමට සිදුවනේ අහිංසක ජනතාවට. අදත් එම ප්‍රහාරයට වගකිව යුතු කොට්ඨාශ විවිධ බොරු සමාජ ගත කරමින්, විමර්ශණවලට බලපෑම් කරමින් සමාජ අවධානය වෙනත් දිසාවකට යොමු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

අපි එම පිරිස පිළිබදව කණගාටු වෙනවා. ඊට අමතරව ඒ මියගිය සියළු දෙනාම මේ මොහොතේ සිහිපත් කරන අතරම එවන් අවාසනාවන්ත තත්ත්වයත් යලි කිසිදා ඇති නොවීමටත් අප රජයක් හැටියට ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

ඒ වගේම මෙම කුරිරු ප්‍රහාරයේ වගකිවයුතු සියළු දෙනාම නීතිය හමුවට ගෙන එන්නත් අප කටයුතු කරන බවට අවසාන වශයෙන් කියන්න කැමතියි.

Post Views: 0
Previous Post

මාධ්‍යයට අවසර නැති පාර්ලිමේන්තුවට අගමැති මාධ්‍ය ආවේ කොහොමද? කිරිඇල්ල ප්‍රශ්ණ කරයි

Next Post

දූෂණය නැවැත්වීමට තාක්ෂණය උපයෝගී කර ගන්න – ජනපතිගෙන් රාජ්‍ය ඇමතිවරුන්ට උපදෙස්

editor

editor

Next Post

දූෂණය නැවැත්වීමට තාක්ෂණය උපයෝගී කර ගන්න - ජනපතිගෙන් රාජ්‍ය ඇමතිවරුන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved