අල්ලාමා ඉක්බාල්’ (Allama Iqbal) ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ MBBS වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා තේරී පත් වූ ශ්‍රී ලාංකික සිසුන් 25 දෙනෙකු අද (23) පකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ. කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ඔවුන්ව උණුසුම් ලෙස පිළිගත් අතර, මෙම පිරිස කරච්චි හි පිහිටි ඩව් සෞඛ්‍ය විද්‍යා විශ්වවිද්‍යාලය (DUHS) සහ ලියාකාත් වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා විශ්වවිද්‍යාලය (LUMHS) වැනි ප්‍රමුඛ පෙළේ ආයතනවල සිය අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නියමිතය. වැදගත්ම කරුණ වන්නේ මෙම විශ්වවිද්‍යාල ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පිළිගෙන තිබීමයි.
පකිස්ථාන උසස් අධ්‍යාපන කොමිසම (HEC) මගින් ක්‍රියාත්මක කරන මෙම පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ වන විටත් ශ්‍රී ලාංකික සිසුන් 430කට අධික පිරිසක් වෛද්‍ය, ඉංජිනේරු සහ ව්‍යාපාර කළමනාකරණය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ පකිස්ථානයේ අධ්‍යාපනය ලබති. තරඟකාරී පරීක්ෂණ මගින් තෝරාගනු ලබන මෙම සිසුන් අතරට එක්වීම සඳහා තවත් ශ්‍රී ලාංකික සිසුන් 100 දෙනෙකු ඉදිරියේදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ද වාර්තා වේ.














